IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


එල්ලාවල ගඟේ පතල් කැපීම අත්හිටුවයි


 
 
අජිත්ලාල් ශාන්තඋදය සහ පී.ඒ.කේ.විජයසුන්දර
 
ඇහැළියගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් එල්ලාවල ගම හරහා ගලා යන එල්ලාවල ගඟේ පතල් කැපීමට දුන් බලපත‍්‍ර තාවකාලිකව අත්හිටවු බව රත්නපුර අතිරේක දිස්ත‍්‍රික් ලේකම් නීතීඥ පී.උඩෝවිට මහතා පැවසීය.


රත්නපුර දිස්ත‍්‍රික් කෘෂිකර්ම කමිටුවට නිල දැනුම් දීමක් කරමින් අතිරේක දිස්ත‍්‍රික් ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

එල්ලාවල ගඟේ ඉවුරට, රක්‍ෂිත වලට සහ යාබද ඉඩම් වලට මෙන් ම සමස්ත පරිසරයටම හා දිය උල්පත්වලට හානි වන අන්දමින් එල්ලාවල ගඟේ සිදුකරන මැණික් පතල් කැපීම වහාම නවත්වන ලෙස දිගින් දිගටම ප‍්‍රදේශයේ ගොවි ජනතාව, ප‍්‍රදේශවාසීන් මෙන්ම පරිසරවේදීන් ඉල්ලා සිටියහ.

රත්නපුර දිස්ත‍්‍රික් කෘෂිකර්ම කමිටුවට කළ දැනුම් දීමක් මත මෙම ගංරක්‍ෂිතයේ අනවසර පතල් කැපීම පිළිබඳව සාමූහික පරීක්‍ෂණයක් කළ බව අතිරේක දිස්ත‍්‍රික් ලේකම්වරයා කීය. වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ඇහැළියගොඩ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, පතල් හා කැණීම් දෙපාර්තමේන්තුව යන ආයතන එක්ව සිදුකළ මෙම සාමූහික පරීක්‍ෂණ වාර්තාව සැළකිල්ලට ගෙන රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට කළ නියෝගයක් අනුව දී ඇති පතල් කැණීම් බලපත‍්‍ර තාවකාලිකව අත්හිටවු බව ද ඔහු පැවසීය.



අදහස් (0)

එල්ලාවල ගඟේ පතල් කැපීම අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site