තමන්ට ගුවන් යානයට ගොඩවීමට ඉඩ නොදුන්නැයි පවසමින් එච්.අයි.වී. ආසාධිත චීන ජාතිකයන් දෙදෙනකු ස්ප්‍රින් එයාර් ගුවන් සමාගමෙන් වන්දි ඉල්ලමින් නඩු පවරා ඇත. මේ ගුවන් සමාගම චීනයේ ලාබදායි ම ගුවන් සේවයයි.
චීන මාධ්‍ය වාර්තා කරන්නේ එච්.අයි.වී. ආසාදිතයන් දෙදෙනකු, ආසාදිත නොවූ මිතුරකු සමග ෂෙන්හයි ගුවන්තොටුපොළෙන් යානයට ගොඩවීමට පැමිණි අවස්ථාවේ බලධාරීන් එයට ඉඩ නොදුන් බවයි. ගුවන් සේවය තමන්ට වෙනස්කම් කළා යැයි ඔවුහු කියති.
ගුවන් සමාගමේ සභාපති වැංග් ෂිංගුවා පැවසුවේ තම සමාගම එච්.අයි.වී. ආසාදිතයන්ට වෙනස් කම් නොකල බවයි. එවැනි අයකු පැමිණි විට තම කාර්ය මණ්ඩලය භීතියට පත්වීම සම්බන්ධයෙන් ඔවුන්ට දොස් පැවරූ බව ද හෙතෙම මාධ්‍යයට පවසා ඇත.
‘‘ අපි එච්.අයි.වී. ආසාදිතයන්ට යානාවට ගොවීමට අවස්ථාව ලබා දී තිබෙනවා. නමුත් ඇතැම් අය තමන් එච්.අයි.වී ආසාදිතයන් යැයි කියමින් අනෙක් මගීන් බියට පත්කරනවා. එවැනි අවස්ථාවක දී නම් අපි ඔවුන් වළක්වනවා. මේ දෙදෙනා එසේ කළානම් අපේ සේවකයන් ඔවුන් යානයට ගොඩවීම වළක්වන්නට ඇති. “ යැයි ද ඔහු පවසයි.
ස්ප්‍රින් ගුවන් සමාගමේ වෙබ් අඩවිය දක්වා ඇත්තේ බොවන රෝගයකින් පෙළෙන මගින් තම ගුවන් යානයට ගොඩ වීම වලක්වා ලීමට තම සමාගමට අයිතියක් ඇති බවයි. මෙම මගීන් පවසා සිටියේ තමන් ගෙන් දෙදෙනෙක් ඒඩ්ස් ආසාදිතයන් යැයි ගුවන් තොටෙදී බලධාරින්ට පැවසිම නිසා ගුවන් යානයට ගොඩ වීමේ අවස්ථාව වලක්වා ලු බවයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
එච්.අයි.වී. ආසාදිතයෝ ගුවන් සේවයෙන් වන්දි ඉල්ලති
අම්පාරේ දුමිත Friday, 05 September 2014 02:46 PM
ඕක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ (නදී)