IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ඌව පළාත් කෘෂිකර්ම හා තාක්ෂණ ප්‍රදර්ශනය ඇරඹේ

(නිශාන්ත කුමාර)

ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද කෘෂිකාර්මික වෙළඳ හා  තාක්ෂණික ප්‍රදර්ශනයක් ඌව පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල සේනානායක පිටියේදී අද (23) ආරම්භ විය.

නව කෘෂි තාක්ෂණික දැනුම පිළිබඳ අවබෝධයක් ලබාදීම,   කෘෂිකාර්මික ගැටළුවලට විසඳුම් ලබාදීම,  කෘෂිකාර්මික යෙදවුම් මිලදී ගැනීම  හා කෘෂි ප්‍රකාශන අලවිකිරීම යන  අරමුණු පෙරදැරිව ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා ඒ.බී.ඒ එම්.ඒ.එම් ගුණවර්ධන මහත්මියගේ උපදෙස් හා මත ප්‍රදර්ශනය සංවිධානය කෙරිණි.

මෙම අවස්ථාව සඳහා බදුල්ල නගරාධිපති ප්‍රියන්ත අමරසිරි, ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා ඒ.බී.ඒ.එම්.ඒ එම් ගුණවර්ධන මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්කයන්හි පිහිටි සහකාර කෘෂිකර්ම කලාප ආවරණය වන පරිදි කුටි 24 ක් ප්‍රදර්ශනය සඳහා එක්කර තිබිණි.

ප්‍රදර්ශනය මෙම මස 25 වැනි දින තෙක් ක්‍රියාත්මක වන බව ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

 



අදහස් (0)

ඌව පළාත් කෘෂිකර්ම හා තාක්ෂණ ප්‍රදර්ශනය ඇරඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 55 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 890 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2520 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site