IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඌව පරණගම වැසියෝ විරෝධයක

(කේ. ආර්. රාජමන්ත‍්‍රී)
 
ඌව පරණගම, පුහුලුපොළ, කොටවෙර අවට ගම්වාසීහු වැලිමඩ - බදුල්ල මාර්ගයේ පුහුල්පොළ උමාඔය ජලාශයේ පාලම අසළදී අද(11) විරෝධතාවක නිරතවූහ.
 
වැලිමඩ - බදුල්ල මාර්ගයේ පුහුල්පොළ උමාඔය ජලාශයේ වේල්ල මත ඉදිකර ඇති මාර්ගයෙන් ගමන්කිරීමට හැඳුනුම්පතක් භාවිතකරන්නැයිද, රාත්‍රී 10.00 සිට උදෑසන 5.00 දක්වා කාලය තුළදී ගැමියන්ට ගමන් නොකරන්නැයිද මහවැලි අධිකාරිය ගෙන ඇති තීරණයට විරෝධය දක්වමින් ඔවුහු උද්ඝෝෂණයේ යෙදුණහ.

පාලමෙන් ගමන්කිරීමට සීමා පැනවීම ඉතා අසාධාරණ බවත්, පිට පළාත්වල සේවය කරන දරුවන් නිවසට පැමිණෙන්නේ රාත්‍රියේදී බවත්, මැදියම් රැයේ රෝගියකු රෝහලට රැගෙන යාමට නොහැකි බවත්, සිය මූලික අයිතිවාසිකම් කඩවීමක් බවත් ඔවුහු කියති.

මෙම අවස්ථාවට සහභාගී වූ මහවැලි ඉඩම්(උමාඔය) නිලධාරී සමීර පීරිස් මහතා පැවසුවේ පෙර පරිදිම බාධාවකින් තොරව ගැමියන්ට මාර්ගය භාවිතයට අවසර  ඇති බවය. එසේම කොටවෙර ගම්මානයට පිවිසෙන මාර්ගය සකසා ආරක්ෂිත වැටක් සවිකර දෙන බවට ඔහු ලබාදුන් පොරොන්දුව මත ගැමියෝ විරෝධතාව අවසන් කළහ.



අදහස් (1)

ඌව පරණගම වැසියෝ විරෝධයක

ආරක්ෂකයා Friday, 11 October 2019 08:57 AM

මිනිස්සුනේ ආරක්ෂාකාරී පියවරයන්ට එක වර එරෙහි නොවන්න. පාස්කු දින ප්‍රහාරය සැම විට සිත්හි තබා ගන්න.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site