(එෆ්.අස්ලම්)
ඌව පළාතේ විවිධ ස්ථානවලට කසළ බැහැර කරන පුද්ගලයින්ට දැනට අධිකරණයෙන් නියමව ඇති රුපියල් 5,000ක දඩය 50,000 දක්වා වැඩිකිරීමට පියවර ගෙන තිබෙන බව ඌව පළාත් ආණ්ඩුකාරවර ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා අද(24) පැවසීය.
ඊට අදාළ ප්‍රඥාප්තියක් ඌව පළාත් සභාව මගින් සම්මත කර තිබෙන බවත් එම ප්‍රඥාප්තියට අනුව 50,000ක දඩය ලබන නොවැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන බවත් ආණ්ඩුකාරවරයා සහන් කළේය.
ඌව පළාතේ කසළ කළමණාකරණය හා සුන්දරත්වය සුරැකීම සඳහා මෙම පියවර ගෙන තිබේ.
“ඌව පළාතේ දැනට තියෙන නීතිය අනුව රුපියල් 5000ක දඩයක් තමයි අවිධිමත් කසළ බැහැර කිරීම්වලට නියම වෙන්නේ. නමුත් පළාත් සභාව විසින් ප්‍රඥාප්තියක් සම්මත කරගෙන තියෙනවා ඒ දඩය 50,000ක් දක්වා වැඩි කරන්න. ඌව පළාතේ කසළ බැහැර කරනවා නම් 50,000 දඩයක් ගෙවන්න සිදුවනවා කියල හොඳට මතක තියාගන්න.
මම සෞඛ්‍ය අංශ වෙත උපදෙස් දීල තියෙනවා කසළ බැහැර කිරීම්, ගංගා ඇතුළු ජලපෝෂක ස්ථානවලට කසළ විසිකර අපවිත්‍ර කිරීම් වගේ අවිධිමත් ක්‍රියා සිදුකරන සියලු දෙනාට කිසිදු තරාතිරමක් නොබලා නීතිමය පියවර ගන්න කියලා. මෙම නීතිය නොවැම්බරයේ සිට අකුරටම ක්‍රියාත්මක වනවා” යැයි ආණ්ඩුකාරවරයා සහන් කළේය.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ඌවේ තැන තැන කසළ බැහැරකළොත් දඩය 50,000යි