(එෆ්.අස්ලම්)
ඌව පළාතේ 500කට අධික සියලු ගුරු උපදේශකවරුන් දැවැන්ත වෘත්තිය ක්‍රියාමාර්ගයකට යාමේ සූදානමක් පවතින බව ඌව පළාත් ගුරු උපදේශකවරුන්ගේ සංගමයේ ලේකම් කරුණාසිරි හෙට්ටිකන්ද මහතා පැවසීය.
ගුරු උපදේශක සේවාව පිළිගත් රාජ්‍ය සේවයක් වශයෙන් ස්ථාපිත කිරීමට මෙතෙක් කිසිදු පියවරක් නොගැනීම මත මෙම වර්ජනයට සූදානම් වන බවද හෙට්ටිකන්ද මහතා කීය.
සියලු ආණ්ඩුකාරවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති ආණ්ඩුකාරවර සමුළුවේදීද අධ්‍යාපන පද්ධතියේ අත්‍යවශ්‍ය සේවයක් වශයෙන් සැලකෙන ගුරු උපදේශක සේවය පිහිටුවීමට ඒකමතිකව තීරණය කර තිබෙන බවත් 2007 අප්‍රේල් 28 වනදා මීට අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිව තිබෙන බවත් එසේ තිබියදී උසස් රාජ්‍ය නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාවන් නිසා අධ්‍යාපන අමාත්‍යංශය මෙම සේවය පිහිටුවීම හිතාමතා මගහරින බවත් හෙතෙම කීය.
දිවයින පුරා සිටින 5000කට අධික ගුරු උපදේශකවරුන් පාසල්වල සහාය ඉගැන්වීම් හැර අනෙකුත් සියලුම බාහිර රාජකාරී වර්ජනය කරමින් පෙබරවාරි 21 වැනිදා පටන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙන බවත් මෙතුළින් අධ්‍යාපන ක්ෂේත්‍රයට බරපතල බලපෑමක් සිදුව තිබෙන බවත් ඔහු කියා සිටියේය.
මේ අනුව සියලුම ගුරු උපදේශකවරුන් අධ්‍යාපන සැලසුම් සම්පාදන, අධීක්ෂණ, පුහුණු වැඩමුළු, තරග සංවිධාන, විෂය ක්‍රියාකාරකම්, දත්ත සමීක්ෂණ ඇතුළු රාජකාරී රැසක් වර්ජනය කර සිටින බවත් ඌව පළාතට මෙයින් විශාල බලපෑමක් සිදුව තිබෙන බවත් ඔහු කීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍යවරයාත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් සිදුව ඇති මෙකී අසාධාරණයට කඩිනම් පියවර ගනිමින් සිය වෘත්තිය අයිතිවාසිකම් දිනා දිය යුතු බවත් නැතහොත් ගුරු උපදේශකවරුන් 500 ම සියලු කාර්යන් වර්ජනය කරමින් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට පෙළගැසෙන බවත් සෙසු වෘත්තිය සමිතිවල සහායද මේ සඳහා ලැබී ඇති බවත් හෙට්ටිකන්ද මහතා සඳහන් කර සිටියේය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ඌවේ ගුරුවරු වර්ජනයකට සැරසෙති