(ඩි.කේ.රත්න )
ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් ඌව පළාතේ ආයුර්වේද වෙද්‍යවරුන් ,හෙද හෙදියන් ඇතුලූ සියලූ සේවකයින් අද (3) වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් මෙම වෛද්‍යවරුන් සහ සේවකයින්ට ලබාදීමට නියමිත අතිකාල දීමනා සහ නිවාඩු දින දීමනා 2019 වර්ෂයේ ජුනි මස සිට මේ දක්වාම ලබා නොදීම නිසා මෙම වැඩ වර්ජනය අරඹා තිබේ.
මෙම වැඩ වර්ජනය සදහා ඌව පළාතේ ක‍්‍රියාත්මක සමස්ථ ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිළධාරි සංගමය,සමස්ථ ලංකා සුවසේවා සංගමය,රාජ්‍ය සේවා එක්සත් හෙද සේවා සංගමය , ජාතික සෞඛය සේවා පොදු සේවා සංගමය සහ ඌව සුව සරණ පොදු සේවා සංගමය යන වෘත්තීය සමිති පහට අයත් සියලූම සාමාජිතයන් සහභාගී වී සිටිති.
මෙම වැඩ වර්ජනය නිසා ඌව පළාතේ ආයුර්වේද රෝහල්වල වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම අඩාලවීමෙන් මෙම රෝහල්වලට පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවයට ලක්ව තිබේ.

ඡායාරූපය සමන් පාලිත
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඌවේ ආයුර්වේද වෛද්‍යවරු-හෙදියෝ වැඩ වරති