IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


උළු කර්මාන්තය අනතුරේ

 ( නිමල කොඩිතුවක්කු)


රජයේ වැරදි තීරණ හේතුවෙන් උළු කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටිමේ අවදානමකට ලක්ව ඇති බව වෙන්නප්පුව උළු කර්මාන්ත කරුවන්ගේ සමූපකාර  සංගමයේ  අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික නීල් රණවක මහතා පැවැසිය.


දංකොටුව, වෙන්නප්පුව, කටාන, පන්නල, කුළියාපිටිය  ප‍්‍රදේශවල ඇති උළු කර්මාණ්ත ශාල 200ක් පමණ වැසි යාමේ අවදානමකට ලක්ව ඇති බවත් මේ හේතුවෙන් උළු කර්මාන්තයෙන් යැපෙන සෘජු සහ වක‍්‍ර රැකියා ලක්ෂයක් පමණ අහිමියමේ තත්වයක් උද්ගතව ඇතැයිද ඒ මහතා සදහන් කළේය. 


එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ නීල් රණවක මහතා මෙසේද කීය 


       ‘‘2018 වසර වනවිට ඇස්බැස්ටෝස් ෂීට් සම්පූරණයෙන්ම තහනම් කරන බවට ජනාධිපතිවරයා පැවැසුවා. මේ නිසා අපි උළු කර්මාන්තය   අලූත් යන්ත‍්‍ර සූත‍්‍ර යොදා නවීකරණය කළා. උළු කර්මාණ්තකරුවන්ට අද ඒ  වෙනුවෙන් ගත්ත බැංකු ණය පවා ගෙවා ගන්න බැරිවෙලා ඉන්නවා.


රජය ක‍්‍රියාත්මක නිවාස ව්‍යාපෘති පවා ඇස්බැස්ටෝස් ෂීට් භාවිතා කරනවා. උළු කර්මාන්තයට කිසිදු සහනයක් නැහැ. ඇස්බැස්ටොස් ෂීට් ලෝකයේ බොහෝ රටවල් තහනම් කර ඇති අවදියක ශ්‍රී ලංකාව පමණක් එය ප‍්‍රවර්ධනය කිරිම සම්බන්ධයෙන් අපි කණගාටුවනවා.


සුනාමිය හේතුවෙන් නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීමට ඇස්බැස්ටෝස් ෂීීට් සදහා පවතින බදු අඩු කිරීමට එවක රජය කටයුතු කළා. එම බදු සහනය තවදුරටත් ලබා දෙමින්  ඇස්බැස්ටෝස් ෂීට් ප‍්‍රවර්ධනයට මේ රජය සහයෝගය ලබාදෙනවා.


ඇස්බැස්ටෝස් ෂීට් වලට සහන දෙන ආණ්ඩුව දේශීය කර්මාණ්තයක් වන උළු කර්මාන්තය සදහා අවශ්‍ය අමුදු‍්‍රව්‍ය වල සිට සියලූම දු‍්‍රව්‍ය සදහා බදු අයකරනවා. දේශීය කර්මාණ්තයක් වන උළු කර්මාන්තය නගා සිටුවිමට රජය වහා මැදිහත් විය යුතුයි කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා’’ යැයිද නීල් රණවක මහතා වැඩිදුරටත් පැවැසීය. 



අදහස් (0)

උළු කර්මාන්තය අනතුරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site