(මොහොමඩ් ආසික්)
බාල දක්ෂ ව්‍යාපාරය තුල තිබිය යුතු හා තිබෙන මූලික සිද්ධාන්ත මූලික ප්‍රතිපත්ති මූලික දර්ශනය මුල් කර ගත් තේමාව තුල කටයුතු කරමින් කාලානුරූපය යුගයට අවශ්‍ය පරිදි තාක්ෂණ ලෝකය තුල බාලදක්ෂ ව්‍යාපාරය තුලත් අවශ්‍ය වෙනස්කම් සිදු විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.
ශ්‍රී ලංකා බාල දක්ෂ ව්‍යාපාරයේ නියුක්ව ව සිටින බාලදක්ෂයින් හට බාලදක්ෂ ජනාධිපති සම්මාන පිරිනැමීම සඳහා අද 20 වනදා මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති උත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ කීය.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමන් මෙසේද කීය.
‘‘මා බාල දක්ෂයෙකු වශයෙන් සිටි කාලයේ තිබූ සමාජ ප්‍රශ්න නෙවෙයි අද තියෙන්නේ. එදා තිබුණ ලෝකය නෙවෙයි අද තියෙන්නේ. එදා තිබුණ සමාජ වටපිටාව නෙවෙයි අද තියෙන්නේ. එදා පාසැල් ශිෂ්‍යයෙකුට මුහුණ දෙන්න තිබූ අභියෝග නෙවෙයි අද තියෙන්නේ. අද එයට වඩා සියල්ලම වෙනස් වෙලා තියෙනවා. එ් නිසා වාණිජ සමාජයක තරඟකාරී සමාජයක යහපත් දේට වඩා අයහපත් දේ නරක දේ අවිනීත දේ විශාල වශයෙන් ගලා යන ලෝකයක අපි ඒවාට මුහුණ දිය යුතු වෙනවා. ඒ තුළ අපේ ජීවිතය වඩාත් යහපත් ලෙස සකස් කර ගත යුතු වෙනවා. විභාග ඉහළින් සමත්වන දරුවන් ඒ විභාග සමත් වීමට සැම විටම ලබා දිය යුතු ප්‍රමුඛත්වය මෙන්ම ජීවිතය සමත්වීමට සැමවිටම අවශ්‍ය ප්‍රායෝගික සමාජයේ අභියෝගවලට අප මුහුණ දිය යුතු වෙනවා. ඒ නිසා විභාග සමත් වන ඔබට ජීවිතය සමත් වන්න බාල දක්ෂ ව්‍යාපාරය ඉතා විශිෂ්ට වූ කාර්යයක නියැලී සිටිනවා කියලයි මම විශ්වාස කරන්නේ....“යැයිද ජනාධිපතුමා මෙහිදී කිය.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර පී.බී.දිසානායක, මධ්‍යම හිටපු මහ අමාත්‍ය සරත් ඒකනායක, මහනුවර නගරාධිපති කේරස සේනානායක, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මෙරිල් ගුණලික යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක්ද එක්ව සිටිහය.




2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උසස් ලෙස විභාග සමත්වන දරුවන්ට බාලදක්ෂ ව්‍යාපාරයෙන් සිදුවන මෙහෙය විශිෂ්ටයි - ජනපති