(නිමල කොඩිතුවක්කු)
2018 වසරේ අගෝස්තු මාසයේ පැවැති උසස් පෙල විභාගයේ උත්තර පත්ර පරීක්ෂා කිරිම සදහා එක් වු ගුරුවරුන්ට හා නිළධාරීන්ට ගෙවිය යුතු දීමනා මෙතෙක් ගෙවා නොමැති බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.
උසස් පෙළ විභාගයේ රාජකාරි කළ නිළධාරින් වෙනුවෙන් ලබාදීමට තිබූ ගෙවීම්ද මාස තුනකට වැඩි කාළයක් ප‍්‍රමාද කර ඇතැයිද ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සදහන් කළේය.
මේ හේතුවෙන් එම ගුරුවරුන් සහ නිලධාරීන් විශාල ආර්ථික අර්බුදයකට මුහුණ පා ඇතැයිද ජයසිංහ මහතා පැවැසීය.
බස් ගාස්තු සහ අනෙකුත් වියදම් ඇතුලූව ජීවන වියදම් ඉහල යාම සහ වෘත්තීය වැදගත්කම පිලිබඳ සලකා බලා විභාග රාජකාරි සදහා ලබාදෙන දීමනා වහාම වැඩි කරන ලෙසද ඔහු ඉල්ලිමක් කළේය.
අදාල දීමනා සහ වැටුප් මෙතෙක් නොගෙවිම සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයා ඇතුලූ නිළධාරීන් දැනුවත් කර ඇතැයිද මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
උසස්පෙළ උත්තර පත්ර පරීක්ෂා කළ ගුරුවරුන්ට දීමනාව තාම ගෙවා නැහැ