IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


උ‘මැද ප‍්‍රවාහන සේවා අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයාට උසාවි එන්නැයි නියෝගයක්

(උපාලි ආනන්ද)

ආබාධිත  සෙබලූන් සහ වකුගඩු රෝගීන් මහියංගනයේ සිට මින්නේරියට නොමිලේ ප‍්‍රවාහනය කරන බස් රථයක මාර්ග ධාවන  බල පත‍්‍රය නීති විරෝධීව  අවලංගු කිරීමේ  සිද්ධියක් සම්බන්ධයෙන්   අධිකරණය හමුවේ චෝදනා ලබා සිටින උතුරු මැද පළාත් මාර්ගස්ථ ප‍්‍රවාහන සේවා අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයාට පෙබරවාරි මස 25 වැනි දින මහාධිකරණ හමුවේ පෙනී සිටින ලෙස උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ගයාන් චන්ද්‍ර රණවක මහතා අද(30)  නියෝග කළේය.


මහියංගනයේ සිට මින්නේරිය දක්වා ආබාධිත සෙබලූන් සහ වකුගඩු රෝගීන් නොමිලේ  ප‍්‍රවාහනය කරන පුද්ගලික බස් රථයේ ගමන් බලපත‍්‍රය අහෝසි කරන ලෙස දන්වමින් වග උත්තරකාර උතුරු මැද පළාත් මාර්ගස්ථ  ප‍්‍රවාහන සේවා අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයා  ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපතිවරයාට යවා ඇති ලිපිය වාහාම බල රහිත  කරන ලෙසටද මෙහිදි නියෝග කළ මහාධිකරණ විනිසුරු රණවක මහතා මෙම සිද්ධියේදී වගඋත්තරකාර සාමාන්‍යාධිකරිවරයා බලය ඉක්මවා කටයුතු කර ඇති බව  පෙත්සම්කරු වෙනුවෙන් ඉදිරිපත් කර ඇති කරුණු අනුව පෙනී යන බවට නිගමනය කරමින් මෙම නඩුව පෙබරවාරි මස 25 වන දින විභාගට ගැනීමට   නියෝග  කළේය.

මහියංගනය  සොරබොරවැව පාර අංක 123 ලිපිනයේ ඩබ් එම් ප්‍රේම්  ප‍්‍රියංකර ධනපාල මහතා ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කල මහතා මගින් උතුරු මැද පළාත් බවද සිවිල් අභියාචනා මහාධිකරණය හමුවට   ඉදිරිපත් කර ඇති මෙම පෙත්සෙමි  වග උත්තරකරු ලෙස නම් කර සිටිනුයේ උතුරු මැද පළාත්  මාර්ගස්ථ ප‍්‍රවාහන සේවා අධිකාරියේ සාමාන්‍යාධිකාරි පී වීරවිජය යන අයයි.

පෙත්සම්කාර පෞද්ගලික බස් රථ හිමියා වෙනුවෙන් පෙත්සම අධිකරණයට ඉදිරිපත් කරමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ රවින්ද හබක්කල මහතා සදහන් කලේ පෙත්සම්කරුට පෞද්ගලික බස් රථයක් ඇති බවත් එම  බස් රථය මාර්ග බල පත‍්‍රයක් ඇතිව මුල් අවස්ථාවේ  මහියංගනයේ සිට කදුරුවෙල දක්වා පමණක්  ධාවනය කරමින් මගීන් ප‍්‍රවාහනය කර  ඇති බවත්ය.

පසුව මෙම පෙත්සම්කරුට අයත් බස් රථයට මහියංගනයේ සිට මින්නේරිය දක්වා ධාවනය කිරීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව අවසර ලබාදී ඇති බවද සදහන් කළ  නීතිඥවරයා එම ගමන් වාර වලදී පෙත්සම්කාර බස් රථ හිමියා සිය බස් රථයෙන් අබාධිත සෙබලූන් සහ වකුගඩු රෝගීන් නොමිලේ   ප‍්‍රවාහනය කරමින් සිටි ඇති බවත් කීවේය.

ආබාධිත සෙබලූන්ට සහ වකුගඩු රෝගීන්ට පෙත්සම්කරුට අයත් බස් රථයෙන් නොමිලයේ ගමන් කිරීමට හැකි වන පරිදි පෙත්සම්කරු විසින් හැදුනුම්පතක් නිකුත් කර ඇති බවද (හැදුනුම්පත් අධිකරණයට ඉදිරිපත් කරමින්) අධිකරණයට සැලකළ නීතිඥ හබක්කල මහතා මේ  අතරතුර කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව පෙත්සම්කරුගේ බස් රථයට මහියංගනයේ සිට මින්නේරිය දක්වා ධාවනය කිරීමට ලබාදී තිබූ මාර්ග ධාවන  බල පත‍්‍රය අහෝසි කරන ලෙසට වගඋත්තරකාර උතුරු මැද පළාත්  මාර්ගස්ථ ප‍්‍රවාහන සේවා අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයා ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපතිවරයාට  ලිඛිතව දන්වා යවා ඇති බවද සදහන් කළේය. 



අදහස් (0)

උ‘මැද ප‍්‍රවාහන සේවා අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයාට උසාවි එන්නැයි නියෝගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site