IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


උමාඔය කැණීම් හේතුවෙන් යළිත් ජල හිඟයක්

(විජේරත්න රත්නායක )

උමාඔය සංවර්ධන ව්‍යාපෘතියේ භූගත උමං මාර්ගයේ කැණීම් හේතුවෙන් යළිත් බණ්ඩාරවෙල කිරිඔරුව හා කොන්තේහෙල ග්‍රාම නිලධාරී වසම්වලට අයත් ගම්මාන රැසක පානීය ජලය ලබා ගන්නා ළිං සිඳී ගොස් බවත් වාරි ජලය නැතිවීමෙන් වගාබිම් රැසක් පුරන්ව වී ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති.

උඩුතුරේ, මුරුතකුඹුර, හාපත්ගමුව, කොන්තේහෙල, ගොරඩියකුඹුර, සාමචේතියගම, මිනුවන්වැවපතන ඇතුළු ප්‍රදේශ රැසකට මෙම තත්වය බලපා ඇති අතර ප්‍රදේශයේ ළිං 50 කට අධික සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම සිඳීගොස් ඇත.

ළිං මෙන්ම ජල උල්පත් සිඳී යාම නිසා වාරි ජලය හිඟ වීමෙන් දෙහිරිතැන්නයාය යාය, කොන්තේහෙල යාය සහ ඉදිකඩයාය යන කුඹුරු යායන්හි අක්කර සියයක් පමණ වගාකළ නොහැකිව ඇති බවත් උමාඔය ව්‍යාපෘතිය මඟින් සතියකට ලීටර් පන්සියයක් බැගින් ජලය ලබාදෙන නමුත් එම ජල ප්‍රමාණය නිවසේ එදිනෙදා කටයුතු සඳහා හෝ කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් ගම්වාසීහු පවසති.

එබැවින් මේ සියළු විනාශයන් හා අලාභහානි වෙනුවෙන් අගතියට පත් සියළු දෙනාට සාධාරණ වන්දියක් ලබාදී ප්‍රදේශයේ ජන ජීවිතය යථා තත්වයට ගෙනඒමට සුදුසු කඩිනම් පියවරක් ගන්නා මෙන් ඔවුහු රජයෙන් හා අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

 

 



අදහස් (1)

උමාඔය කැණීම් හේතුවෙන් යළිත් ජල හිඟයක්

Samathasena A . Aluthgamage. Sunday, 17 March 2019 01:54 AM

පාරිසරික සාධක වලට අනුකුල වනසේ සංවර්ධන වැඩ කටයුතු සිදුකිරීමට දේශපාලකයන්හට නිසි පාරිසරික දැනුම නොමැතිවීම නිසා මෙවැනි ව්‍යසන සිදුවේ. මසකට ලක්ෂ ගණනින් වැටුප්ද, අනෙකුත් සියලු පහසුකම්ද ගෙන නිසි සේවයක් සැලසීමට දැනුම හෝ අවබෝධය නොමැති උපදේශකයන්ද මේවාට වගකිවයුතු වුවද ඔවුන් මේ රටේ සියලු වගකීම් වලින් නිදහස් පිරිසකි. වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ අමාරුව.

:       0       32

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32188 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14663 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 63 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 331 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1260 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site