(විජේරත්න රත්නායක )
බාහිර - අභ්‍යන්තර භේදයකින් තොරව සියළු උපාධිධාරීන්ට රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින් අදාළ වගකිවයුත්තන් වෙත භාරදීම පිණිස පෙත්සමක් අත්සන් කිරීමේ වැඩ පිළිවෙලක් අද (06) බදුල්ල සේනානායක පිටියේදී ආරම්භ විය.
මෙම පෙත්සම අත්සන් කිරීම බාහිර උපාධි සුරැකීමේ සංවිධාන එකතුව මඟින් සිදුකරන අතර දිස්ත්‍රික්කය තුළ රැකියා විරහිත බාහිර උපාධිධාරීන් උපරිම පිරිසකගේ අත්සන් සහිතව එය බදුල්ල දිස්ත්‍රික් ලේකම් ඇතුළු අදාළ පාර්ශ්වයන් වෙත ඉදිරි දිනකදී භාරදීමට නියමිතය.
බාහිර උපාධි සුරැකීමේ සංවිධාන එකතුවේ කැඳවුම්කරු මහේෂ් අඹේපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩපිළිවෙල ආරම්භ කෙරුණු අතර සමාජවාදී තරුණ සංගමයේ බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකාරක අනිල් මංජුල මහතා ඇතුළු සාමාජිකයින් පිරිසක්ද ඊට එක්ව සිටියහ.

2025 දෙසැම්බර් මස 16
15
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
818
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
599
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උපාධිධාරීන්ට රැකියා ලබාදෙන්නැයි ඉල්ලා බදුල්ලේදී පෙත්සමක් අත්සන් කරති