( සිතුම් චතුරංග)
උතුරු පළාතේ කාන්තාවන්ට සිදුවන හිංසන සහ ළමා අපයෝජන වළක්වා ගැනීමට වගකිවයුතු බලධාරීන් මැදිහත් වන ලෙස ඉල්ලමින් විරෝධතා පාගමනක් අද (30) වවුනියාව නගරයේදී පැවැත්විණ.
වවුනියාව නගර සභාව ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතා පාගමන වවුනියාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය දක්වා ගමන් කෙරිණි.
විරෝධතාකරුවන් පවසා සිටියේ ළමා අපයෝජන හා කාන්තා හිංසන සිදුකරන වරදකරුවන් වෙත නීති සංශෝධනය කොට දැඩි දඬුවම් ලබාදිය යුතු බවත්ය.
සෙසු පළාත් වලට සාපේක්ෂව උතුරු පළාතේ අන්තර්ජාල ඔස්සේද කාන්තාවන් හා ළමයින් වෙත සිදුවන හිංසාකාරී සිද්ධීන් වැඩිවී ඇති බවත් එම හිංසන වැළැක්වීම සඳහා කටයුතු කරන ලෙසද ඉල්ලා සිටියහ.
මෙම හිංසන සඳහා උතුරේ පැතිරයන මත්ද්‍රව්‍ය ජාවාරම විශේෂයෙන් වගකිවයුතු බවත් මත්ද්‍රව්‍ය තුරන් කිරීමට පොලිසිය විසින් විශේෂ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කරන ලෙසටද ඉල්ලා සිටින බව විරෝධතාකරුවන් වැඩිදුරටත් පැවසීය.
විරෝධතාවය සඳහා වවුනියාව දිස්ත‍්‍රික් කාන්තා සංගමය ඇතුළු සිවිල් සංවිධාන රාශියක් එක්ව සිටියහ.
පාගමනේ නිරතවූවන් විසින් කාන්තා හා ළමා හිංසන වළක්වා ගැනීමට හා මත්ද්‍රව්‍ය තුරන් කරන ලෙස ඉල්ලා වවුනියාව නියෝජ්‍ය පොලිස්පති අනුර අබේවික‍්‍රම මහතා වෙත සංදේශයක්ද භාරදෙනු ලැබීමෙන් අනතුරුව විරෝධතාව අවසන් කෙරිණ

2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරේ ළමා හිංසන වළවක්වන්නැයි උද්ඝෝෂණයක්