IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


උතුරේ සියදිවි හානි වැඩි වීම නවතන්නැයි වව්නියාවේ පාගමනක්

 

 

රොමේෂ් මධුෂංඛ

 

ලෝක සියදිවි හානිකරගැනීම් වැළැක්වීමේ දිනයට සමගාමීව උතුරු පළාතේ ජනතාව විවිධ ගැටලු හේතුවෙන් සියදිවි හානිකර ගැනීම් දිනෙන් දින වැඩි වීමේ අවදානමක් පවතින හෙයින් එය මැඩපැවත්වීමට සියලු දෙනා එක්වන්නැයි ඉල්ලමින් අද (11) වව්නියාවේ ජනතාව දැනුවත් කිරීමේ පාගමනක් පැවත්විණි.

මානසික සෞඛ්‍ය සමාජය හා සාමාජීය සංසදය මගින් මෙම පාගමන සංවිධානය කර තිබූ අතර පාගමන වවුනියාව ප්‍රාදේශීය  සෞඛ්‍ය කාර්යාලයෙන් ආරම්භ වී වව්නියාව නගරය පුරා ගමන් කරනු ලැබීය.

පාගමන සඳහා මානසික වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය ද හෙද හෙදියන්, පාසල් දරු දැරියන් , සාමාන්‍ය වැසියන් ද සහභාගී වී සිටියහ.

උතුරු පළාතේ මේ වන විට මත් උවදුර හිස ඔසවා ඇති බවටත් මත් උවදුර ඇතුළු විවිධ හේතූන් නිසා සියදිවි හානි කරගැනීමේ ප්‍රවණතාවයන් වැඩිවීම හැරෙන්නට කිසිදු අඩුවක් දක්නට නොමැති බවට විරෝධතාකරුවෝ පවසති.

 



අදහස් (0)

උතුරේ සියදිවි හානි වැඩි වීම නවතන්නැයි වව්නියාවේ පාගමනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site