(රොමේෂ් මධුෂංඛ)
ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් උතුරු පළාතේ 2,000කට ආසන්න ප්‍රමාණයක් විපතට පත්ව ඇති බවට ආපදා කළමනාකරන ඒකකය පවසයි.
සාමාන්‍ය වැසියන් වැඩිම ප්‍රමාණයක් විපතට පත්ව ඇත්තේ මාන්නාරම් දිස්ත්‍රික්කයේ වන අතර මන්නාරමේ නානාට්ටාන්, මූසලී හා මඩු ප්‍රදේශයෙන් පවුල් 247 කට අයත් පුද්ගලයින් 779දෙනෙකු විපතට පත්ව ඇති බව මන්නාරම් ආපදා කළමනාකරන ඒකකය කියයි.
කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කණ්ඩාවලෙයි, කට්ටෙයිකාඩු, පරන්තන්,පිරමන්තනාරු, ආදා ප්‍රදේශයන්හි වැසියන් 200කට අධික ප්‍රමාණයක් විපතට පත්ව ඇති බවටත් නිවාස හෝ වෙනත් හානි වාර්තා වී නොමැති බවත් එම ඒකකය ස ඳහන් කරයි.
මේ අතර යාපනය දිස්ත්‍රික්කයේද පුන්කුඩතිව්, මරදන්කේනි, ස්නදිලිපායි, නෙඩුන්තීවු ආදි ප්‍රදේශයන්ට පසුගිය දින තුනක කාලයක් පුරා ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් වැසින් 100කට ආසන්න පිරිසක් ආපදාවට ලක්ව සිටින අතර නිවාස 15 කට ආසන්න ප්‍රමාණයකට අර්ධ හානි සිදුව ඇති බවටද වාර්තා වෙයි.
මුලතිව් දිස්ත්‍රික්කයේද නනිද්කඩාල් කලපුව අවට හා මුල්ලියාවලෙයි , පුදුකුඩිඉරිප්පු ආදි ප්‍රදේශයන්හි වැසියන් 1000කට ආසන්න ප්‍රමාණයක් ආපාදවනට ලක්වී ඇති බවටද වාර්ථා වන අතර විපතට පත් සියලුම වැසියන් වෙනුවෙන් පැය 24 පුරාම අඛණ්ඩ සහන සැලසීමට පියවර ගෙන ඇති බවටද උතුරේ දිසාපතිවරුන් හා ආපදා කළමනාකරන ඒකක වැඩිදුරටත් පවසා සිටියි.



2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උතුරේ වැසියන් 200කට ආසන්න පිරිසක් විපතට