රොමේෂ් මධුෂංඛ
උතුරු මුහුදේ පවතින අයහපත් කාලගුණයත් සමඟ දූපත්හි මුහුදු ගමන් සමපූර්ණයෙන්ම අද (16) උදෑසන වන විට නැවතී අති අතර නාගදීප වන්දනාවන් වෙනුවෙන් සිදු කෙරෙන මුහුදු ගමන්වාර නවතා ඇති අතරම පේදුරුඩුව ප්‍රදේශයේ බෝට්ටුවක් පෙරලී විනාශ වී ඇති බවට යාපනයේ ධීවරයෝ පවසති.
යාපනය මුහුද ඊයේ සිට දැඩි ලෙස රලු වී ඇති අතර යාපනයේ සිට ඩෙල්ෆ් දූපතට දෛනිකව සිදු කෙරෙන මගී නෞකාවන්හි ගමන් කටයුතු ඊයේ (15) සිට සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති අතර එහිදී ඩෙල්ෆ් දූපතට ගිය සංචාරකයින්ට ද නැවත පැමිණීමට නොහැකිව සිටින බවට වාර්තා වෙයි.
එමෙන්ම අද (16) උදෑසන සිට යාපනය නාගදීප විහාරය වන්දනාමාන කිරීමට පැමිණෙණ බැතිමතුන් නාගදීප විහාරයට රැගෙන යන මගී නෞකාවල ගමන් කටයුතු නවතා ඇත්තේ නාගදීප මුහුදු තීරයේ ද මුහුද දැඩි ලෙස රලුවී ඇති හෙයිනි.
මේ අතර පේදුරුතුඩුව ප්‍රදේශයේදී මුහුදු ගිය බෝට්ටුවක් පෙරලී ඇති අතර කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැත්තේ අසල සිටි ධීවරයින් බේරාගැනීම හේතුවෙන් වන අතර පෙරලුණ බෝට්ටුව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
උතුරු මුහුද රළු වෙයි :මුහුදු ගමන් නවතී