(උපාලි ආනන්ද)
උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ පරිපාලන නිලධාරිවරයා රුපියල් 1232000 ක පමණ මුදලක් අධි වැටුප් ලබා ගෙන ඇති බවට චෝදනා කරමින් එම මුදල සමාන වාරික 72 කින් ඔහුගෙන් අය කර ගන්නා ලෙස උතුරු මැද පළාත් ප‍්‍රධාන ලේකම්වරයා ලබාදී තිබූ නියෝගයක් බල රහිත කිරීමට උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ගියාන් චන්ද්‍ර රනවක මහතා අද (03) නියෝග කළේය.
මෙම නඩුව විභාග කර අවසන් තීන්දුවක් ලබා දෙන තුරු මේ මස 16 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද මෙම නඩුවේ වගඋත්තරකරුවන්ට මහාධිකරණ විනිසුරුවරයා තවදුරටත් නියෝග කරනු ලැබීය.
උතුරු මැද පළාත් මර්ග සංවර්ධන අධිකාරියේ පරිපාලන නිලධාරි ආර්.හේමසිරි ඒකනායක මහතා නීතිඥ දනුෂ්ක දහම්පත් මහතා මගින් උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ පැවරූ නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා මෙසේ නියෝග කෙරිණි.
පෙත්සම්කාර පරිපාලන නිලධාරි හේමසිරි ඒකානායක මහතා වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ දනුෂ්ක දහම්පත් මහතා පැවසුවේ පෙත්සම්කරු උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ පරිපාලන නිලධාරිවරයා ලෙස රාජකාරි කරමින් සිටින බවයි.
එසේ රාජකාරි කරමින් සිටියදී පෙත්සම්කරුට වැටුපට අමතරව රුපියල් 1232285 ක පමණ මුදලක් ගෙවා ඇත්තේ වසර 5 කට අදාලව ඔහුගේ මූලික වැටුපෙන් තුනෙන් එකක් වශයෙන් බවද අධිකරණයට කියා සිටි නීතිඥ දහම්පත් මහතා එම ගෙවීම් මුළුමනින්ම නිත්‍යානූකූල බවද කීවේය.
පෙත්සම්කාර පරිපාලන නිලධාරිවරයාට අදාල මුදල ගෙවා ඇත්තේ පළාත් වාරිමාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍යශයේ ලේකම්වරයාගේ සහ පළාත් මාර්ග සංවර්ධන අධිකරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ඇතිව බවද අධිකරණයට කියා සිටි නීතිඥ දහම්පත් මහතා එවැනි නීතිමය පදනමක් මත අදාල ගෙවීම් සිදු කර තිබියදී එම මුදල් සමාන වාරික 72 කින් පෙත්සම්කාර පරිපාලන නිලධාරිවරයාගෙන් අය කර ගන්නා ලෙසට නියෝග කිරීමට පළාත් ප‍්‍රධාන ලේකම්වරයාට බලයක් නැති බවත් එම නියෝගය නීතියට පටහැනි බවත් සඳහන් කළේය.
පළාත් රාජ්‍ය සේවා කොමිසන් සභාවේ බලතල පැවරීම අනුවද එවැනි නියෝගයක් පැනවීමට පළාත් ප‍්‍රධාන ලේකම්වරයාට කිසිදු නීතිමය බලයක් නැති බවටද නීතිඥවරයා තවදුරටත් අධිකරණයට සැල කළේය.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරු මැද පළාත් ලේකම් දුන් නියෝගයක් මහාධිකරණය බලරහිත කරයි
Mahinda Thursday, 03 October 2019 07:43 PM
පාරවල් හදයිද ?