(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)
ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ හිමිකරගත් උතුරු මැද පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට උපහාර ප්‍රදානය කිරීම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) අනුරාධපුර ග්‍රෑන්ඩ් ලෙෂර් හෝටලයේදී සිදු කෙරිණි.
මෙම වසරේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් ජයග්‍රහණ හිමිකරගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 17ක් හා ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 145දෙනෙකු මෙහිදී උපහාර ලැබීය.
පසුගිය වසරේ පැවැති 44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී 06 වන ස්ථානය උතුරු මැද පළාතට හිමිවූ අතර එහිදී රන් පදක්කම් 14ක්, රිදී පදක්කම් 25ක් සහ ලෝකඩ පදක්කම් 40ක් උතුරු මැද පළාත නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ හිමිකර ගත්හ.
"ජාතික කෙළි බිමට රන් අරුණැල්ලක්" නමින් වර්ණ ප්‍රදාන උළෙල නම් කර තිබුණි.
මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් ඒච්.ඒම්.පී. බණ්ඩාර, ආණ්ඩුකාර ලේකම් ඒ.කේ.ඒන්. වික්‍රමසිංහ, ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් ඒ.කේ.කේ.එම්.ආර්.ඩබ්. කුමාරගම, පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ සුමිත් විමලසිංහ යන මහත්වරු සහභාගි වී සිටියහ.





2025 නොවැම්බර් මස 17
53
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
886
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2516
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
උතුරු මැද පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර