IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


උතුරු මැද උපාධිධාරීන් 569 ට පත්වීම්

(දයාරත්න ඇඹෝගම)

තාක්ෂණය දියුණු වෙන්න දියුණු වෙන්න මිනිසුන්ගේ අධ්‍යාත්මය පහළට යාම නිසා ඔවුන් තමුන් ගැන පමණක් සිතා අනුන් ගැන සිතිම නොසලකා හැර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (09) දින කැකිරාව මැදි විදුහලේදී පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ උතුරු මැද පළාතේ උපාධිදාරීන්ට ගුරු පත්වීම් ලබාදීමේ උත්සවයට සහභාගි වෙමිනි.

මෙහිදී ජනාධිපතිවරයා විසින් උතුරු මැද පළාතේ උපාධිදාරීන් 569 දෙනෙකු සඳහා පත්වීම් පිරිනැමිය.

මෙම ගුරු පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

       ‘‘ගුරු වෘත්තිය රස්සවාක් නොවෙයි.ගුරු වෘත්තිය මෑතක තමයි වෘත්තිය කියන වචනය ආවේ.නමුත් අපි අහලා තියෙන තක්සලාවේ සිට අපි අහලා තියෙන අපේ ඉතිහාසයේ වගේම බෞද්ධ ඉතිහාසයේ‍්,බෞද්ධ සංස්කෘතියේ අහලා තියෙන බොහෝ කතාන්දර රාශියක් තිනෙවා ගුරුවරයාගේ වග.ඒ නිසා බොහෝ වෙලාවට ගුරුවරයා හඳුන්වන්නේ ගුරු මැණිවරු සහ ගුරු පියවරු කියලා.දරුවෙකුට අම්මට තාත්තාට පමණයි දෙවැනි වෙන්නේ ඔබ.

අපි පුංචි කාලේ ගුරු සේවයට එන්න උගතුන් අනුරාධපුරයෙන්,පොලොන්නරුවෙන් බිහිවෙලා තිබුණේ ඉතාම සුළු පිරිසක්.

ඒ නිසා පාසලක උගන්වන ගුරු සේවයේ සිටින අයගෙන් සියයට පහක් දහයක් තමයි අනුරාධපුර,පොලොන්නරුවේ. අනිත් අය ගාල්ල‍,මාතර,රත්නපුර,කොළඹ,ගම්පහ.අඩුගානේ මාතලේ,කුරුණෑගල,නුවර අයවත් නැහැ.

අද අනුරාධපුරයෙන් පොලොන්නරුවට පත්වීමක් දුන්නොත් යන්නේ නැහැ.පළාත් සභාවම වටලනවා.අනුරාධපුර ඉදලා කැබිතිගොල්ලෑවට පත්වීම දුන්නොත් බැහැ කියලා අධ්‍යාපන කාර්යාලය වටලනවා.

පොලොන්නරුවේ කෙනෙකුට පත්වීම දුන්නොත් දිඹුලාගලට,වැලිකන්දට,අරලගංවිලට යන්නේ නැහැ.

නමුත් තාෂණය දියුණු වෙන්න දියුණු වෙන්න මිනිසුන්ගේ අධ්‍යාත්මය පහළට ගියා.ඒ අධ්‍යාත්මය පහළට යන කොට තමුන් ගැන පමණක් හිතන්නට පටන්ගත්තා.

තමන් ගැන පමණක් සිතිම තුළ අනුන් ගැන සිතිම නොසලකා හැරියා.නමුත් ගුරු සේවය සැමවිටම ඔබ ගැන නොසිතන අනුන් ගැන සිතන සේවයක්.සමාජ සේවයක් දරුවන්ට දැණුම දෙනවා කියන ඒක.ඒ නිසා මම විශ්වාස කරනවා ඔබට වසානාවන්ත ජිවිතයක මූලික අඩි තාලම දමන දවස අද බව.‘‘යැයි ජනාධිපතිවරයා පැවැසීය.

මෙහිදි උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතාද අදහස් දැක්වූ අතර අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන දුමින්ද දිසානායක,චන්දිම ගමගේ,වීරකුමාර දිසානායක,ඉෂාක් රාහුමන්,උතුරු මැද වැඩබලන ප්‍රධාන ලේකම් එච්.එම්.තිලක බණ්ඩාර රාජ්‍යසේවා කොමිසන් සභාවේ ලේකම් තේජානි තිලකරත්න යන මහත්ම මහත්මිහු ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.



අදහස් (0)

උතුරු මැද උපාධිධාරීන් 569 ට පත්වීම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 811 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site