රොමේෂ් මධුෂංඛ
සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන් විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (10) සංඛේත වැඩ වර්ජනයක නිරත වෙමින් ධාවන කටයුතු වලින් ඉවත් වුවද උතුරේ සියලුම පෞද්ගලික බස් රථ දෛනික ධාවන කටයුතුවල නිරත වන බව උතුරු පළාත් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය කියයි.
දිවයිනේ සෙසු පළාත් හි පෞද්ගලික බස් රථ වර්ජනයක් ක්‍රියාත්මක වුවද අදාළ වර්ජනය සම්බන්ධයෙන් කිසිදු දැනුම් දීමක් හෝ දැනුවත් කිරීමක් සිදු නොකිරීම නිසාවෙන් අද (10) සාමාන්‍ය පරිදි උතුරු පළාතේ මෙන්ම පළාතෙන් පිටත ද බස් ධාවන කටයුතු සිදු කෙරෙන බවට උතුරේ පෞද්ගලික බස් රථ හිමියෝ කියා සිටිති.
එමෙන්ම උතුරේ පෞද්ගලික බස් රථ හිමියන් කියා සිටියේ අලුත් අවුරුදු උදාවට දින කිහිපයක් තිබියදී මෙලෙසින් බස් වර්ජනය කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි බැවින් මහජනතාවට හිරිහැරයක් නොවන පරිදි අවුරුදු උදාවෙන් පසුව එලඹෙන කිසියම් වෘත්තීය ක්‍රියාමාර්ගයක් වෙනුවෙන් තමන් දැනුවත් කරන්නේ නම් ඊට සහය දැක්වීමට සූදානම් බවද උතුරේ පෞද්ගලික බස් රථ හිමියන් වැඩිදුරටත් කියා සිටිති.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
‘උතුරේ පෞද්ගලික බස් වර්ජනයක් නෑ’