වර්ෂාවෙන් උතුරු නැගෙනහිර ආපදාවට පත් ගොවිබිම් සඳහා කෘෂි රක්ෂණ මණ්ඩලය මගින් වන්දි දීමට කඩිනම් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා කෘෂි රක්ෂණ මණ්ඩලයට දුන් උපදෙස් අනුව මාර්තුවට පෙර සියලුම වන්දි ගොවීන්ට ලබාදීමට හැකි බව කෘෂි රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ මහතා පැවසීය.
කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කයේ ගොවිබිම් කිහිපයක ඇමැතිවරයා සිදුකළ නිරීක්ෂණ චාරිකාවේදී හානියට පත් ගොවිබිම් කඩිනම්ව සමීක්ෂණය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද මේ සඳහා යෙදවිය යුතු යැයි කළ ඉල්ලීමකට අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා කෘෂි රක්ෂණ මණ්ඩලයේ නිලධාරීන් 400 ක් යෙදවූ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.
ගංවතුරෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 8950, මුලතිව් දිස්ත්‍රික්කයේ 2100, මන්නාරම 1530 හා වව්නියාව දිස්ත්‍රික්කයේ 8750 ක්ද යාපනයේ පැවති දැඩි නියඟයෙන් අක්කර 1200ක් හානි සිදු විය.
මේ සඳහා රුපියල් මිලියන 400ක් වෙන්කර ඇති අතර ගොවීන් සඳහා අගමැති ප්‍රධානත්වයෙන් මෙම මස 14,15,16 දිනවල වන්දි ප්‍රදානය කිරීමට නියමිත බව අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.
සමීප චන්ද්‍රිකා ඡායාරූප, ඩ්‍රෝන තාක්ෂණය භාවිතයෙන් ලබාගත් ඡායාරූප හා නිලධාරීන්ගේ ක්ෂේත්‍ර සමීක්ෂණය තුළින් වගා හානි සමීක්ෂණය සිදුකෙරිණි.
යම් ගොවියකුට වන්දි දීමේදී පැන නගින ගැටළු වෙනුවෙන් අභියාචනා මඟින් නැවත සමීක්ෂණයන් කළ හැකි බවත්, ගොවීන්ගේ ඉල්ලීම අනුව රජය මේ සඳහා ප්‍රතිපාදන වෙන්කර ගත හැකි බව හෙතෙම වැඩිදුරටත් කීය.
(28535)
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
උතුරු නැගෙනහිර ආපදාවට පත් අක්කර 22,530කට වන්දි දීම ඇරඹේ