IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


උතුරේ ජල ගැල්මෙන් කුඹුරු අක්කර 121,420 ක් විනාශයි

 

සිතුම් චතුරංග

       

කිලිනොච්චිය හා මුලතිව් දිස්ත‍්‍රික්කයට බලපෑ ජලගැලීම් තත්වය හේතුවෙන් දිස්ත‍්‍රික්කයන් හි කුඹුරු අක්කර 121420.5 විනාශ වී ගොස් ඇති බව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල පවසයි.

එම දිස්ත‍්‍රික්කයේ ගොවීන් 2018 - 2019 මහ කන්නය සඳහා වගාකළ වී වගාවෙන් අඩකටත් වැඩි කොටසක් විනාශ වී ගොස් ඇත.

මුලතිව් දිස්ත‍්‍රික්කයේ වී වගාකළ කුඹුරු අක්කර 95311 සහ කිලිනොච්චිය දිස්ත‍්‍රික්කයේ වී වගාකළ කුඹුරු අක්කර 26109.5 ජලගැලීමෙන් විනාශවී ගොස් තිබේ.

කිලිනොච්චිය දිස්ත‍්‍රික්කයේ එළවලූ වගාව හෙක්ටයාර 103.95 හා වෙනත් බෝග හෙක්ටයාර 239.59 ද සම්පූර්ණයෙන් විනාශ වී ගොස් ඇත.

දිස්ත‍්‍රික්කයේ කෘෂිකර්මාන්තයේ නියැලූණු ජනතාව සතුව සිටි එළුවන් , ගවයින් හා කුකුලන් 10000 අධික සංඛ්‍යාවක් ජලගැලීම් හේතුවෙන් මියගොස් ඇති බවද කිලිනොච්චිය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

මුලතිව් හි එළවළු වගාකළ අක්කර 217 ප‍්‍රමාණයක් හා වෙනත් බෝග අක්කර 3458 විනාශ වී ගොස් ඇති බව මුලතිව් දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.

මීට අමතරව ජලගැලීම් හේතුවෙන් මුලතිව් දිස්ත‍්‍රික්යේ සත්ව පාලනය කළ ගොවීන්ගේ කිරිගවයින්, කුකුළන් හා එළුවන් 4010 ක සංඛ්‍යාවක් මියගොස් ඇති අතර එම හේතුවෙන් දිස්ත‍්‍රික්කයේ කෘෂි නිෂ්පාදන සඳහා සත්ව නිෂ්පාදන ඇනහිට තිබේ.

            



අදහස් (0)

උතුරේ ජල ගැල්මෙන් කුඹුරු අක්කර 121,420 ක් විනාශයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site