IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


උණුසුමට මුහුණදෙන්න පාසල් නිල ඇඳුම වෙනස් කරන්නයි වෛද්‍යවරු ඉල්ලති

ශිවා බණ්ඩාර
 
 
මේ දිනවල වයඹ, උතුරුමැද, උතුර ආදී  පළාත්වලට බලපා ඇති උෂ්ණාධික දේශගුණික තත්වය මත පාසල් දරුවන්ගේ  පාසල්  නිල ඇදුම ප්‍රදේශයේ දේශගුණික තත්වයට සරිලන පරිදි වෙනස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු විය යුතු බව ඇහැටුවැව ගල්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ආසිරි මුණසිංහ මහතා පවසයි.
 
මෙම ප්‍රදේශයේ වෛද්‍යවරු ඇතුළු අධ්‍යාපනික බලධාරීන් ද මේ පිළිබඳව අවධානය යොමු කරන බවද මුණසිංහ මහතා පැවසීය.
 
 
මේ දිනවල ගල්ගමුව ඇහැටුවැව ආදී වයඹ පලාතේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 ඉක්මවන අවස්ථා මෙන්ම පොලොන්නරුව වැනි ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ට ළඟා වන අවස්ථා ද පවතින බැවින් පාසල් දරුවන් නිල ඇදුම හේතුවෙන් මහත් පීඩාවට පත්වන බවද පැවසීය.
 
 
එමෙන්ම දිවයිනේ උතුරුමැද, වයඹ,උතුරු නැගෙනහිර ආදී ප්‍රදේශ වසරේ වැඩි කාලයක් 
දැඩි උෂ්ණාධික දේශගුණික තත්වයක් පවතින බැවින් මෙම නිල ඇඳුම පාසල් දරුවන්ට 
මානසික සහ ශාරීරික පීඩාවක් නොවන සැහැල්ලු ඇදුමක් බවට පත්විය යුතු බවද සියලු වෛද්‍යවරුන්ගේ මතය බව මුණසිංහ මහතා පවසයි. නුවරඑලිය, බදුල්ල ආදී ප්‍රදේශවල නිල ඇදුම  උතුරුමැදට වයඹට නුසුදුසු බවද පවසයි.
 
 
වයඹ පළාත ඇතුළු බොහෝ ප්‍රාථමික පාසල්වල මේ වන විට බෝ සහ ටයි පටියක් නිල ඇඳුමට එකතු වී ඇති අතර ශිෂ්‍ය නායක නායිකාවන් අත් දිග ගවුම් සහ කමිස වලින් සැරසී සිටිමද  මේ වන විට ඇතැම් පාසල්වල දක්නට ලැබෙන බවද පැවසීය.
 
 
ගැහැණු දරුවන් සඳහා ද කර කපන ලද සැහැල්ලු ගවුම් ඇතැම් පාසල්වල දක්නට ලැබෙන අතර පාසලේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා බැජ් එකක් පැළදීම ප්‍රමාණවත් බවද පැවසේ.
 
 
මෙම දැඩි උෂ්ණත්වය සහිත දේශගුණය තුළ විදුලි පංකාවක් හෝ නොමැති ඇතැම් පාසල්වල දරුවන් දිවා කාලය වන විට මහත් මානසික අවපීඩනයකට පත් වන අතර ඉතා ඉක්මණින් කෝපයට පත්වීම, දරදඩු වීම, අධ්‍යාපනය කෙරෙහි හිත යොමු නොවිම ආදි කරුණු සඳහා ද හෝමෝන ක්‍රියාකාරිත්වය ආරම්භ වන මෙම සමයේ අධික ලෙස දහදිය දැමිමෙන් දුර්ගන්ධයක් වහනය විය හැකි බවද වෛද්‍යවරු පෙන්වා දෙති.



අදහස් (0)

උණුසුමට මුහුණදෙන්න පාසල් නිල ඇඳුම වෙනස් කරන්නයි වෛද්‍යවරු ඉල්ලති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 374 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site