IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


උඩුවේ හිමි ලන්ඩනයේ

ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පිංකම සඳහා සහභාගිවීමට කොළඹ ඇලන් මතියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක හිමියන් ලන්ඩන් නුවරට වැඩම කරවන බව විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සි හිමියෝ පවසති.

ඔක්තෝබර් 22 සහ 23 වන දිනයන්හි පැවැත්වෙන පිංකම මෙවර ලන්ඩන් නුවර පදිංචි නේපාල ජාතික බෞද්ධ සැදැහැවතුන්ගේ මුලික අනුග්‍රාහකත්වයෙන් පැවැත්විම නියමිතය.

සද්ධාතිස්ස විහාරස්ථානයේ දායකයින් වශයෙන් ටික කාලයක සිට විහාරස්ථානයේ පැවැත්වෙන ආගමික සඳහා භක්තියකින් සහ කැපවීමකින් සම්බන්ධවී කටයුතු කරන නේපාල ජාතික බෞද්ධයින් විසින් කඨින පින්කමක් සඳහා දායකත්වය දක්වන ප්‍රථම අවස්ථාව මෙයයි. 

22 වැනි සෙනසුරාදා සවස 6.30 කින්ස්බරි විහාරස්ථානයේදී පැවැත්වෙන අටවිසි බුද්ධ පුජා පිංකම මෙහෙයවනු ලබන්නේ ධම්මාලෝක හිමියන් විසිනි. මෙහිදී සැදැහැවතුන්ගේ ඉල්ලීම පරිදි පින්කමේ වැඩකටයුතු සඳහා පිරිකර පුජාකිරිම උදෙසා කප් රුකක්ද ඉදිකෙරෙනු ඇත.

23 වැනි ඉරිදා උදෑසන 6.30 ට කඨින වස්ත්‍රය අලංකාර පෙරහරකින් විහාරස්ථානය වෙත වැඩම කරවනු ඇත. උදැසන බුද්ධ පුජාවත් බුද්ධ වන්දනාවත් ගලයායේ පියදස්සි නාහිමියන් විසින් මෙහෙයවනු ඇත.

උදැසන 9 ට ඉංගිරිය මැදිකැලේ මුදිත ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ පරගහකැලේ නාලක හිමියන්ගේ සුමධුර ධර්මදේශනයක් පැවැත්වෙයි.

ඉන් අනතුරුව ආචාර්ය සෙනෙවි අතුරුපාන මෙහෙයවන භාවනා වැඩසටහනකි. දහවල් බුද්ධ පුජා සහ  වන්දනා වැඩසටහන මෙහෙවනු ලබන්නේ ගලයායේ ධම්මදස්සී හිමියන් විසිනි.

දහවල් දානමය පින්කමෙන් පසු බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති අකුරැටියේ නන්ද හිමියන්, බාත් ස්පා විශ්ව විද්‍යාලයේ ආචාර්ය දීගල්ලේ මහින්ද හිමියන් සහ ස්කොට්ලන්තයේ වරපුන්ය භාවනා ස්ථානාධිපති නෙපාලේ සුජාන් හිමියන් සහ සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ  නේපාලේ සුමන හිමියන් එකතුව මෙහෙයවන ධර්ම සාකච්ඡාවක් පැවැත්වෙයි.

සවස 3 ට කඨින චීවර පුජා පිංකම පැවැත්වෙයි.

මෙහිදී කඨින පින්කමෙහි ආනිසංශ පැහැදිලි කරන ධර්ම දේශනා සිංහල, නේපාල සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් පවත්වනු ලබන්නේ නේපාලයේ ලුම්බිණි සංවර්ධන භාරකාර මණ්ඩලයේ උප සභාපති නේපාලේ නීග්‍රෝධ හිමියන්, කොළඹ ඇලන් මැතිනියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක හිමි, බාත් ස්පා විශ්ව විද්‍යාලයේ ආචාර්ය දීගල්ලේ මහින්ද හිමියන් විසිනි.

සවස 6 ට පැවැත්වෙන බුද්ධ පුජාව සහ පරිත්‍රාණ දේශනයෙන් පින්කමේ වැඩකටයුතු නිමාවෙයි.

මෙම පිංකම සඳහා මෙත් සිතින් යුතුව සහභාගීවීම සඳහා සුදු ඇඳුමෙන් සැරසී විහාරස්ථානය වෙත පැමිණෙන ලෙස සියලුම දෙනා වෙත ගෞරවයෙන් ආරාධනා කරන බව පියදස්සී හිමියෝ පැවසුහ.



අදහස් (0)

උඩුවේ හිමි ලන්ඩනයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 659 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2331 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site