(චමිල් රූපසිංහ)
එක්සත් ජාතික පක්ෂයට බලය හිමි උඩුනුවර ප්‍රාදේශීය සභාවේ 2020 වර්ෂය සඳහා වූ අයවැය වැඩි ඡන්ද නවයකින් අද (05) පරාජයය පත්විය.
එක්සත් ජාතික පක්ෂයට බලය හිමි උඩුනුවර ප්‍රාදේශීය සභාවේ 2020 වර්ෂය සඳහා වූ අයවැය සභාවේ රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.
2020 වර්ෂය සඳහා වූ මුදල් ප්‍රකාශය එහි සභාපති ගාමිණි තෙන්නකෝන් මහතා විසින් සභාවට ඉදිරිපත් කළ අතර ඉන් පසුව පැවැති අයවැය විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීම සිදුකරනු ලැබීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විපක්ෂ නායක යු.ජි විජේකොන් මහතා ඇතුලු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ අය වැය පිළිගත නොහැකි බව පැවැසීම හේතුවෙන් විවෘත ඡන්දයකට යා යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පැවැසූහ.
විවෘත ඡන්ද විමසීමේදී අයවැය යෝජනාවට පක්ෂව ඡන්ද 14 ක් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 17ක් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 5 දෙනෙකු හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයාගේ ඡන්දය සමඟ 23දෙනෙක් විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 14 ක් හා විපක්ෂව ඡන්ද 23 ක් ලැබුණු බැවින් එක්සත් ජාතික පක්ෂයට බලය හිමි උඩුනුවර ප්‍රාදේශීය සභාවේ 2020 වර්ෂය සඳහා වූ අයවැය පරාජය විය.
අයවැය දෙවන වර කියවීම මෙම මස 17 වැනිදා පැවැත්වෙන බව සභාපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
උඩුනුවර ප්‍රා.සභාවේ අයවැය වැඩි ඡන්ද 9 කින් පරාජය වෙයි