(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටිය උච්චිමුණේ දූපතේ දරුවන් සඳහා දූපත් ඉතිහාසයේ ප්‍රථම වරට විධිමත් පෙර පාසලක් වයඹ පළාත් පූර්ව ළමා විය අධ්‍යාපන සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ එච්.පී.එස්.ඒ.බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) ආරම්භ කෙරිණි.
දූපතේ තිබූ ගොඩනැගිල්ලක් නව පෙර පාසල් ගොඩනැගිල්ල බවට පත්කර ඊට අවශ්‍ය සියලු භෞතික සම්පත් සපයා තිබුණේ වර්ල්ඩ් විශන් කල්පිටිය කලාපීය අධ්‍යාපන සංවර්ධන වැඩසටහන යටතේය.
එමෙන්ම දූපතේ වෙසෙන අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණ තරුණියන් දෙදෙනෙකුට විධිමත් සය මාසික පෙර පාසල් අධ්‍යාපන පුහුණුවක් ද ලබා දී තිබුණේ එම ආයතනයෙන්ය.
කල්පිටිය නගරයේ සිට කිලෝ මීටර 18 ක් පමණ දුරින් උච්චිමුණේ දූපත පිහිටා ඇති අතර පවුල් 276 කට අයත් 1000 කට ආසන්න ජනතාවක් මෙහි වෙසෙති.
මීට වසර දහයකට පමණ පෙර අවිධිමත් අයුරින් පෙර පාසලක් පැවතිය ද කාලයාගේ ඇවෑමෙන් එම පෙර පාසල ද වැසී තිබේ.
දූපතේ දරුවන් 22 ක් පෙර පාසලේ ලියාපදිංචි වූහ.




2025 නොවැම්බර් මස 17
27
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2508
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
උච්චිමුණේ දූපතට විධිමත් පෙර පාසලක්
හිරාන් Tuesday, 14 January 2020 05:24 AM
ඉතාමත් හොද දෙයක් මේ දරුවන්ගේ අධ්‍යාපනය ගැනත් බළධාරින් ඇස් යොමු වේවා.!