IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉහළ කොත්මලේ ජලාශයේ මළසිරුරක්

(ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
 
ඉහළ කොත්මලේ ජලාශයේ තිබී තරුණයෙකුගේ මළසිරුරක් තලවාකැලේ පොලීසිය මගින් අද (16) සොයා ගනු ලැබීය.

මෙම මළසිරුර නානුඔය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි  ක්ලින්ටන් ඇලස්ඩ් නැමති අයෙකුගේ බවට මියගිය අයගේ ඥාතීන් විසින් හඳුනාගෙන ඇත.

මිය ගොස් ඇති තරුණයා අද පස්වරු 03.30 ට පමණ ඉහළ කොත්මලේ සුමන විද්‍යාලය අසලට පැමිණ ඔහුගේ ජංගම දුරකතනයෙන් සෙල්ෆි ඡායාරූපයක්ද රැගෙන ඔහුගේ මුහුණු පොතේ ගිණුමටද එම ඡායාරූපය ඇතුළත් කරෙ, පැයකට පමණ පසුව ඉහළ කොත්මලේ ජලාශයට පැන ඇති බව තලවාකැලේ පොලීසිය පවසයි. මෙම තරුණයා ජලාශයට පනින අයුරු අවට පදංචිකරුවන් විසින් දැක තලවාකැලේ පොලීසියට දන්වා ඇත.

තලවාකැලේ පොලීසිය, නාවුක හමුදාවේ කිමිඳුම්කරුවන් යොදා මළ සිරුර අද සවස ගොඩ ගන්නා ලදී.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා මළසිරුර නුවරඑළිය මහ රෝහල වෙත යැවීමට පියවර ගනු ලැබීය.



අදහස් (0)

ඉහළ කොත්මලේ ජලාශයේ මළසිරුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site