ජුඩ් සමන්ත
බරපතල ලිංගික අපයෝජනයකට ලක් කර ඝාතනය කළ හලාවත - ඉරණවිල, සමිදුගම අක්කර 40 පදිංචිව සිටි ජේ.පී.සුසිත් නිර්මාල් (අවු:10) නම්වූ පාසල් සිසුවා ඝාතනයට සම්බන්ධ බව කියන සැකකරුවන් මාර්තු 22 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට හලාවත දිසා විනිසුරු හා ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (8) නියෝග කළේය.
සැකකරු එදිනට හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. හලාවත - වැල්ල පදිංචිකරුවෙකු බව කියන ජුඩ් ලෝරන්ස් ෆෝන්සේකා (52) මෙලෙස රිමාන්ඩ් කැරිණි.
පසුගිය පෙබරවාරි මස 25 වැනිදා සුසිත් නිර්මාල් දරුවා අතුරුදන් වී තිබුණු දින දෙකකට පසු බරපතල ලෙස අපයෝජනයට ලක්කර ඝාතනය කර තිබු දරුවාගේ සිරුර 27 වැනි දා පෙරවරුවේ ඉරණවිල - සමිදුගමට ආසන්නයෙන් ඇති කැලෑවක තිබී හමුවිය.
අතුරුදන්වී සිටි සැකකරු පසුගිය 3 වැනිදා රාත්‍රී මුලතිව් ධීවර වාඩියක සැගවී සිටියදී නාවික හමුදා බුද්ධි අංශය විසින් අත්අඩංගුවට ගෙන මුලතිව් පොලීසිය වෙත බාර දී තිබුණි.
සැකකරු වෙනුවෙන් කිසිදු නීතිඥයකු අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ හිලරි නීතීඥ පියුමි අයන්තා මෙනවිය පෙනී සිටියාය.
2025 නොවැම්බර් මස 04
745
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2400
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1757
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉරණවිල දරුවාගේ ඝාතකයා යළි රිමාන්ඩ්