(සම්පත් සෙනවිරත්න)
ඉබ්බාගමුව මහජන සෞඛ්‍ය කලාපය තුළ ඉකුත් සිංහල දෙමළ අලුත් අවුරුදු සමයෙන් පසු ඩෙංගු රෝගීන්ගේ ප්‍රතිශතයේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බවත් ඒ අතරින් වැඩි රෝගීන් ගණනක් කලාපයෙන් පිට සිටිය දී එම රෝගයට ගොදුරු වූවන් බව ඉබ්බාගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.
2017 වසර ආරම්භයේ සිට මේ වනවිට ඉබ්බාගමුව මහජන සෞඛ්‍ය කලාපය තුල ඩෙංගු රෝගය වැළඳුන බවට සැක කෙරෙන රෝගීන් 120 ක් පමණ වාර්තා වන අතර ඔවුන්ගෙන් 74 දෙනෙකු ස්ථිර ලෙස ඩෙංගු රෝගයට ගොදුරු වූවන් බවට හඳුනාගත් බව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල කියයි.
එම රෝගීන්ගෙන් 66 දෙනෙකු රැකියා ඇතුළු වෙනත් අවශ්‍යතා සඳහා ඉබ්බාගමුව මහජන සෞඛ්‍ය කලාපයෙන් බැහැරව සිටිය දී ඩෙංගු රෝගයට ගොදුරු වූවන් බවත් කලාපය තුළ පදිංචිකරුවන් 8 දෙනෙකුට පමණක් ඩෙංගු වැළඳී ඇති බවත් පරීක්‍ෂණ වලින් හෙළිවූ බව ඉබ්බාගමුව මහජන සෞඛ්‍ය කාර්යාලයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජී.ටී.අබේකෝන් මහතා සඳහන් කරයි.
සිංහල දෙමළ අලුත් අවුරුදු සමයට පසු ඉබ්බාගමුව කලාපය තුල ඩෙංගු රෝගීන්ගේ ප්‍රතිශතයෙහි වර්ධනයක් දක්නට ලැබෙන අතර සාමාන්‍යයෙන් මාසයකට රෝගීන් 25 දෙනෙකු පිළිබඳ වාර්තා ලැබෙන බව ද පවසන වෛද්‍ය අබේකෝන් මහතා ඔවුන් අතරින් ස්ථිර වශයෙන් ඩෙංගු වැළඳුන රෝගීන් හඳුනාගෙන ඔවුන් පදිංචි නිවෙස් හා අවට පරිසරය දුමානය කිරීම ඇතුළු වෙනත් ක්‍රම භාවිතා කරමින් එම රෝගය පැතිරීමේ ඉඩකඩ අවම කිරීමේ විශේෂ සැලැස්මක් මෙම දිනවල ක්‍රියාත්මක කෙරෙන බව ද වැඩිදුරටත් ප්‍රකාශ කරයි
2025 නොවැම්බර් මස 04
687
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2358
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉබ්බාගමුවේත් ඩෙංගු රෝගීන් ගණන ඉහළට