IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


ඉන්ධන ප්‍රශ්නයක් දුරදිග ගිහින් අම්බලන්ගොඩ සභාව උණුසුම්

(එම්.සුසිල් ප්‍රියන්ත)

ඉන්ධන ප්‍රශ්නයකින් අද (2) පැවති අම්බලන්ගොඩ නගර සභා මාසික රැස්වීම දැඩි ලෙස උණුසුම් විය.

අම්බලන්ගොඩ නගර සභාවට යයි කියමින් අම්බලන්ගොඩ සමුපකාර පිරවුම්පොළෙන් ලබාගත් ඉන්ධන තොගයෙන් වැඩි පමාණයක් නගර සභාවේ සභාපති අරුණ ප්‍රදීප් මහතා ඇතුළු ඉහළ නිලධාරීන් බෙදා ගැනීමේ සිද්ධියක් මෙයට හේතුව වී තිබිණ.

අම්බලන්ගොඩ නගර සභාවේ උප සභාපති කමල් වැල්ලගේ මහතා මේ සම්බන්ධයෙන් කතා කරමින් කීවේ සිය සභාවේ සේවකයින් කිහිපදෙනෙකු අරගත් ඉන්ධන වැඩි මිලට විකුණා ඇති බවය.

අම්බලන්ගොඩ නගර සභාවේ සුඵ කම්කරුවන්ට  සාධාරනව ඉන්ධන ලබා නොදී ඉහළ නිලධාරීන් ඉන්ධන බෙදා ගැනීම බොහෝම කුණු වැඩක් බවද වැල්ලගේ මහතා මෙහිදී කීවේය.   

මේ ප්‍රශ්නය පිළිබදව පක්ෂ විපක්ෂ මන්තීවරු සභාපති අරුණ පදීප් මහතාට චෝදනා කරමින් කතා කරනු දක්නට ලැබිණ.

මේ ඉන්ධන පලහිලව්වට විරෝධය පා පාලක පක්ෂයෙ උප සභාපති කමල් වැල්ලගේ මහතා ඇතුලු පාලක පක්ෂයේ මන්තීවරුන් වන දිනයාදුර ධර්මදාස,ධම්මික කොඩිකාර,ආර්.එම්.ලසන්ත.ජගත් පියන්ත සභා ගැබයෙන් ඉවත්වී ගියහ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති අරුණ පදීප් මහතා කිවේ සමූපකාර ඉන්ධන පිරවුම්පොලෙන් ඉන්ධන ලබා ගත්තේ රාජකාරී මට්ටමෙන් තොරව තමාගේ ඉල්ලීම නිසා බවය.



අදහස් (1)

ඉන්ධන ප්‍රශ්නයක් දුරදිග ගිහින් අම්බලන්ගොඩ සභාව උණුසුම්

de silva Wednesday, 03 August 2022 09:47 AM

මේ සෙට්එකම ගෙදර යවන්න ඕනේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 64 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 159 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1014 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site