(රන්න චන්ද්‍රසේන ගමගේ)
‘‘පසුගිය දිනවල බොරු ප්‍රචාරයක් ගියා රට තුළ ඉන්ධන හිඟයක් තිබෙනවා කියා. ඒ අනුව සමහරුන් ඉන්ධන පිරවුම් හල් ළඟ පෝලිම් ඇති වුණා. අපි සතුව අවශ්‍ය තරම් ඉන්ධන තිබෙනවා. කිසිඳු ඉන්ධන හිඟයක් ඇති නොවන්නට අපි කටයුතු කරනවා..‘‘ යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (12) සවස අගුණකොලපැලැස්ස දික්වැව ප්‍රදේශයේ පැවති මහජන හමුවකදී පැවසීය.
බූවැලි ආර ඇල මාර්ගය හරහා ඇති අබලන් වූ පාලම වෙනුවට නව පාලමක් ඉදිකිරීම සඳහා වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා රැස්ව සිටි පිරිස් අමතා එසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය. ‘‘මේ වනවිට ඉරානය හා ඇමරිකාව අතර යුද තත්වයක් ඇතිවෙමින් තිබෙනවා. ඒ තුළින් අපේ රටටත් යම්යම් බලපෑම් එන්න හැකියාව තිබෙනවා. මේ වෙනකොට එම බලපෑම් අවම කිරීම සඳහා සැලසුම් සකස් කරමින් සිටිනවා. මේ වෙනකොට ඇතිතරම් ඉන්ධන තොග අප ළඟ තිබෙනවා. එපමණක් නොවෙයි අතිරේක ඉන්ධන තොගත් මේ වනවිට අපි ආනයනය කරමින් සිටිනවා. එමනිසා කිසිඳු ඉන්ධන හිඟයක් ඉදිරියේදි අපේ රට තුළ ඇති වෙන්නේ නෑ.
එමෙන්ම මේ වනවිට අපි පිරිපහදු කරන ලද ඉන්ධන වැඩි වශයෙන් ගෙනඑමින් තිබෙනවා. අපි රාජ්‍යයන් කිහිපයක් සමග මේ වනවිට සාකච්ඡා කරමින් යනවා. ඉන්ධන පිරිපහදුවක් මේ රට තුළ ස්ථාපනය කිරීම සඳහා ඒ අනුව විශාල ප්‍රමාණයේ ඉන්ධන පිරිපහදුවක් ගොඩ නගන්නත් අපි කටයුතු කරමින් යනවා. ඒ තුළින් රටේ ජනතාවට රුපියල් පහ, හයක ඉන්ධන මිලේ අඩුවීමක් ලබා දෙන්න පුළුවන්කම තිබෙනවා.
එමෙන්ම අපේ රටේ මන්නාරම් ද්‍රෝණියේ ඉන්ධන තිබෙන බවට මේ වනවිට සොයාගෙන තිබෙනවා. එම කැණීම් ඉක්මන් කරන්න අප කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව ඉන්ධන හා ගෑස් යම් ප්‍රමාණයක් මේ රටේ ජනතාවට ලබාදෙන්නට හැකියාව තිබෙනවා.
මේ වනවිට විදුලිබල මණ්ඩලය අධික අලාභයක් මත පවත්වාගෙන යන්නට සිදුවී තිබෙනවා. මේ වනවිට විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 200ක ණයකරුවෙක් බවට පත්වෙලා තිබෙනවා. පසුගිය අවුරුදු 05 තුළ එකදු විදුලි බලාගාරයක්වත් ස්ථාපනය කොට නෑ. නව විදුලිබලාගාර 02ක් හෝ ඉදිකොට මේ පාඩුව අවම කරගන්න අපි කටයුතු කරනවා.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඉන්ධන හිඟයක් ඇති වෙන්න ඉඩ තබන්නේ නෑ
mahinda Monday, 13 January 2020 01:58 AM
මන්නාරමේ තෙල් තියෙන්නේ 1994 ඉඳලා