ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටළු වලට කඩිනම් විසදුම් ලබා ගැනීම සඳහා ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවක් ස්ථාපිත කිරීමට දෙරට රජයන් අතර එකඟත්වයක් ඇතිවී තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නවදිල්ලියේදී ඊයේ (05) පැවති සාකච්ඡාවලදී එම එකඟතාවයන් ඇතිවූ බව ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ නිවේදනයේ සදහන්වේ.
මෙස ස්ථාපිත කෙරෙන ඉන්දු ශ්‍රී ලංකා - ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම සෑම මාස 3 කට වරක් රැස්වීමට නියමිත අතර, දෙරටේ ධීවර අමාත්‍යවරුන් සෑම මාස හයකට වරක් හමුවීමට දෙරටේ රජයන් එකගතාවයට පැමිණි බව ඉන්දියාව හා ශ්‍රී ලංකාව ඒකාබද්ධව නිකුත් කළ නිවේදනයක සදහන්ව ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.
ඒ අනුව මෙම ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවේ පළමු අමාත්‍ය මට්ටමේ රැස්වීම ලබන ජනවාරි 2 වනදා කොළඹදී පැවැත්වීමට නියමිතය.
එම සාකච්ඡා සඳහා දෙරටේ විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් මෙන්ම වෙරළාරක්ෂක සහ නාවික හමුදා නියෝජිතයන්ද එක්වනු ඇති.
මීට අමතරව මෙම සාකච්ඡාවේදී ඉන්දීයාව හා ශ්‍රී ලංකාවේ වෙරළ ආරක්ෂක බලකා අතර හදිසි ඇමතුම් ඒකකයක් ස්ථාපිත කිරීමටත් , දෙරටෙහිම අත්අඩංගුවේ පසුවන ධීවරයින් නිදහස් කරලීමටද එකගත්වය ඇති වී ඇත.
ඊයේ (05) පැවති සාකච්ඡා සඳහා දෙරටේ විදේශ අමාත්‍යවරුන් දෙපළ අමතරව ඉන්දීය රජය නියෝජනය කරමින් එරට කෘෂීකර්ම හා ගොවිජන සුබසාධන අමාත්‍ය රාධා මෝහන් සිං ,එරට මාර්ග ,ප්‍රවාහන , අධිවේගී මාර්ග ,සහ නාවික කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය පොන් රාධක්‍රිෂ්ණන් එක්වූ අතර, ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී එම.ඒ.සුමන්තිරන් යන මහත්වරුන් ඇතුළු ධීවර නියෝජිත පිරිසක්ද සහභාගිවුහ.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ඉන්දියා ධීවර ලෙඩේට විසදුමක්?