IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ඉදිරී වැටුණු බෝධීන් වහන්සේ වෙනුවෙන් ආදාහන පූජෝත්වයක්

(රවී ලියනගේ)
යක්කලමුල්ල ඓතිහාසික උඩුමලගල  ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ පිහිටා තිබූ  ඉපැරණි බෝධීන් වහන්සේ ඉකුත්දා ඉදිරී වැටුණි.

කිසිවෙකුටත් අනතුරක් සිදු නොවන පරිදි ඉදිරී වැටුණු මෙම බෝධීන් වහන්සේ වෙනුවෙන්   ආදාහන පූජෝත්සවය විහාරස්ථ ආදාහන මළුවේ දී ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

මෙවැනි පිංකමක් දකින්නට ලැබෙනුයේ කලාතුරකිනි.
 
ශ්‍රී රෝහණ සංඝ සභාවේ ගාල්ල දිස්ත්‍රික් තරුණ භික්ෂු සංවිධානයේ සභාපති, කොට්ටව ශ්‍රී සුමනාරාම විහාරාධිකාරී තල්ම්පොළ සද්ධානන්ද හිමිපාණන් පිරිස පංචශීලයෙහි පිහිටවනු ලැබීමෙන් අනතුරුව  අදාහන කටයුතු සිදු කළහ.
 
 ආදාහන පූජෝත්සවය අමතා අනුශාසනාවක් කළ උඩුමලගල ආදිච්චවංශ පරිවෙනාධිපති යක්කලමුල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී තෙල්ලඹුර ශ්‍රී පුෂ්පාරාමාධිපති ශාස්ත්‍රපති පලල්ලේ සරණජෝති නාහිමිපාණන් වහන්සේ මෙසේ කීහ.

“කළගුණ සැලකීම දෙලොව දියුණුව උදා කරනවා. එය උතුම් මංගල කරුණක්. බුද්ධත්වය ලැබීමෙන් අනතුරුව තමන්ට සෙවන් දුන් වෘක්ෂයට අනිමිස ලෝචන පූජාව පවත්වා කළගුණ දැක්වීමේ අගය බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළහ.

ප්‍රථම  ධර්ම දේශනය තමන් වහන්සේට උපකාර කළ තවුසන්ට පැවැත්වීමෙන් ද ප්‍රකට කරනු ලැබුවේ ද  කළගුණ සැලකීමයි.
 
 අපේ පැරැන්නෝ සෙවන දුන් ගසක කොළයක් හෝ අත්තක් හෝ කැඩුවෙ නැහැ. නමුත් අද ගසක් යට සිටි කෙනෙක් හිතන්නේ මේ ගහෙන් අඩි කීයක් කපාගන්න පුළුවන්ද කියා. දැන් බලන්න නගරයේ ගස් කොළන් නැහැ. මුඛවාඩම් දාගෙන මිනිස්සුන්ට ඉන්න වෙලා තිබෙන්නේ. ඔක්සිජන් සපයන ගස් අපට සම්පතක්. චීනය ඇතුළු රටවල් කිහිපයක මේ දිනවල මාරාන්තික වෛරසයක් පැතිර යමින් පවතිනවා.

ලෙඩ්ඩුන්ට කලින් දොස්තරවරු මිය යනවා. එවැනි තත්ත්වයක් තවමත් මේ රටේ නැහැ. නමුත් කියන්න කණගාටුයි අපේ සමහර අය මවුපියන්ට සලකන්නේ නැහැ. කැලේ ගිහින් දමනවා, අතරමං කරනවා. වයසට ගියහම මවුපියන් ගෙදර තියා ගන්නේ නැහැ, හැබැයි මැරුණාම ලොකු ලොකු අවමංගල්‍යය ශාලාවල අවමංගල උත්සව නම් පවත්වනවා.
 
 කළගුණ සැලකීමේ ගුණය පොඩි කාලේ සිට ම පුරුදු කළ යුතුයි. අපවත් වී වදාළ මේ බෝධීන් වහන්සේ වසර 250ක් පමණ පැරණියි. බෝධි පූජා පැවැත්වීමට දායක වුණා. අපි කවුරුත් දන්නවා ශ්‍රී මහා බෝධීන් වහන්සේ අවුරුදු දෙදහස් පන්සියයකට වඩා පැරණියි.  බෞද්ධ විහාරස්ථාන සෑම එකකම බෝධීන් වහන්සේ නමක් වැඩ සිටිනවා. උන් වහන්සේලා අපවත් වු විට මේ අන්දමේ ආදාහන පූජෝත්සව පැවැත්වීම සිංහල බෞද්ධයන්ගේ සිරිතක්. ”

 
 ආදාහන පුජෝත්සවයේ මුලාසනය දරන ලද්දේ  කරාගොඩ මහා නාග වරාමාධිපති වලවේ හේමසිරි හිමිපාණන් විසිනි.  උඩුමලගල ශ්‍රී ගංගාරාම විහාරාධිපති ශාස්ත්‍රවේදී පනන්ගල චන්ද්‍රවංශ ස්වාමීන් වහන්සේ විසින් සියලු දෙනා පිළිගනිමින් අනුශාසනාවක් පවත්වන ලදී.
 
ගාලු පළාතේ උප ප්‍රධාන සංඝනායක වල්පොල ශ්‍රී ගෞතමාරාමාධිපති වල්පොල ගුණරතන හිමිපාණන් බෝධි වන්දනාව පැවැත්වූ අතර නාකියාදෙනිය සරණපාල පරිවේනාධිපති වඳුරඹ පදුමසිරි ස්වාමින් වහන්සේ, හිටපු පළාත් සභා මන්ත්‍රී සුමනසිරි ලියනගේ, යක්කලමුල්ල සහකාර ප්‍රාදේශීය ලේකම් පසිඳු ලක්රුවන්, විශ්‍රාමික විදුහල්පති හේමචන්ද්‍ර ආදිහෙට්ටි යන මහත්වරු ද මෙහිදී  අදහස් දැක්වුහ. 



අදහස් (0)

ඉදිරී වැටුණු බෝධීන් වහන්සේ වෙනුවෙන් ආදාහන පූජෝත්වයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2504 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site