IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඉතාලි යවන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

(ඔගස්ටින් ප්‍රනාන්දු)
 
ව්‍යාජ විවාහ සහතික සකස් කර දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණයින් ඉතාලියට ගෙන යන බවට කියා මුදල් ලබා ගෙන කට්ටි පැන සිටි 35 වන වියේ විවාහක කාන්තාවක් අද (31) කටුනේරිය ප්‍රදේශයේ ලැගුම් වලක ලැගුම් ගෙන සිටියදී අත්අඩංගුවට ගත් බව මාරවිල පොලිසිය කියයි.
 
මෙම කාන්තව දංකොටුව මාවතගම ප්‍රදේශයේ පදිංචිකාරයකි.ඇය විසින් පසුගිය කාලයේ දී දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණයන් විවාහ කර ගෙන ඉතාලියට ගෙන ගොස් හරින බවට කියා ඇය හා විවාහ වූ බවට ව්‍යාජ විවාහ සහතික සකස් කර තරුණයන් රවටා රුපියල් ලක්ෂ පහක සිට දාහත දක්වා ප්‍රමාණයෙන් මුදල් ලබා ගෙන ඇති අතර මේ වන විට ඇය තරුණයන් අට දෙනෙකු රවටා මුදල් ලබා ගෙන ඇති බවට පැමිණිළි කළ බවත් කියයි.
 
ඇයට මුදල් දුන් තරුණයන් ඉතාලියාමේ සිහිනයෙහි සිටියත් පසුව ඇය සොයා ගත නොහැකි වූ නිසා පොලිසියට පැමි‍ණිලි කළ බවත් මේ අතර ඇය කටුනේරියේ ලැගුම් හලක නවාතැන් ගෙන සිටින බවට ලද තොරතුරක් මත් ඇය අද (31) අත්අඩංගුවට ගත් බව කියයි.
 
ඒ වන විටත් ඇය සතු ව්‍යාජ උප්පැන්න විවාහ සහතික මෙන්ම ජාතික හැදුනුම් පත් ද තිබූ බවත් කියයි.
 
මෙම කල්ලියට අයත්ව සිටි පිරිමින් සිව් දෙනෙකු හා කාන්තාවක් පසුගිය ඔක්තෝබර් මස 17 වන දින හලාවත නගරයේ නිතිඥ කාර්යාලයක් තුළ සිටිය දි අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇති බවත් කියයි.



අදහස් (0)

ඉතාලි යවන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site