IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඉත්තෑවුන් පහක් සමග අයෙක් අත්අඩංගුවට

(ඔගස්ටින් ප්‍රනාන්දු)   

බංගදෙණිය කුමාරකට්ටුව එලිවිටිය ප්‍රදේශයේ නිවසක් පිටුපස සඟවා ගෙන සිටි ඉත්තෑවුන්  5දෙනෙකු සමග පුද්ගලයෙකු අද (25) පස්වරුවේ  අත්අඩංගුවට ගත් බව හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය කියයි.

හදිසියේ ලද තොරතුරක් මත ගොස් එම නිවස පරික්ෂා කළ අවස්ථාවේදී නිවස පිටුපස ඉදිකර තිබූ ටැංකියක් තුළ දමා සිටි මෙම ඉත්තෑවුන්ට විශාල ප්‍රමාණයේ ඉත්තෑවුන් 4 දෙනෙකුද කුඩා පැටවෙකුද අයත් වූ බවත් කියයි.
 
වනජීවි ආඥා පනත අනුව ඉත්තෑවුන් සන්තකයේ තබා ගැනීම නීතිවිරෝධී කටයුත්තකි. එසේ තිබියදී වන ජීවි අධ්‍යක්ෂවරයාගෙන් ලබා ගත් නිසි අවසර පත්‍රයකින් තොරව මෙම ඉත්තෑවුන් සන්තකයේ තබාගෙන සිටීමේ චෝදනාව මත නිවසේ හිමිකරුව අත්අඩංගුවට ගෙන ඇති බවත් කියයි.
 
තමන් හුරතලයට මෙම සතුන් ඇති දැඩි කළ බව සැකකරු පවසා ඇත. ඔහු දෙමටපිටිය එළිවිටිය ප්‍රදේශයේ පදිංචි 60 වන වියේ පසුවන අයෙකු බවත් කියයි.

සැකකරු හා ඉත්තෑවුන් හෙට (26) හලාවත අධිකරණය හමුවට ඉදිරිපත් කරන අතර වැඩිදුර පරික්ෂණ සිදු කෙරේ.



අදහස් (1)

ඉත්තෑවුන් පහක් සමග අයෙක් අත්අඩංගුවට

chandima Saturday, 25 May 2019 09:17 PM

ඉත්තෑ කූරු මොන තරම් ගොඩක්ද? මෙව්වා ආයුධ වශයෙන් පාවිච්චි කරන්න තියාගෙන හිටිය වෙන්නත් බැරි නැහැ. ඉත්තෑවා පණපිටින් තියාගෙන ඉද්දි කවුරුවත්ම සැක හිතන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site