(ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත ජයබිම ප්‍රදේශයේ ජනතාවගේ පොදු අවශ්‍යතා සඳහා වෙන් කර ඇති ඉඩමේ කොටසක් විදුලි බල මණ්ඩලයේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය සඳහා ලබාදීමට පියවර ගැනීමට විරෝධය පළකරමින් ප්‍රදේශවාසීහු අද (4 ) නිහඬ විරෝධතාවක නිරත වුහ.
ඉඩම් පවරා ගැනීමේ පනත යටතේ ජයබිම වූ මෙම ඉඩම රජයට පවරා ගත් අතර, පසුව එම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම වෙත පවරා ගත්තේය. එවකට සිටි සමගි පෙරමුණු ආණ්ඩුව විසින් ඉඩම් නොමැති පවුල් වෙත පර්චස් 20 බැගින් කොටස් පවරා දෙන ලදි.
ජයබිම සාම විහාරාධිපති සහ හලාවත ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ආදා උල්පත සීලවංශ ස්වාමින් වහන්සේ මේ විරෝධතාව සම්බන්ධයෙන් මෙසේ පැවසූහ.
''මේ වන විට මෙහි පවුල් 3000ක් පමණ පදිංචිවි සිටිනවා. ඉඩමෙන් විශාල කොටසක් යම් යම් බලපෑම් මත විදුලි බල මණ්ඩලයේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන්න නොනිල වශයෙන් යොදා ගෙන තියෙනවා. වන සංරක්ෂණ කාර්යාලයත් මේ වන විට මෙහි පිහිටුවා කිබෙනවා. මේ නිසා දැන් ජනතාවට පොදු අවශ්‍යයතාව ඉටු කර ගන්න ස්ථානයක් නැතිවෙන්න පුලුවන්. ඒනිසා තමයි ජයබිම ජනතාව මෙම නිහඬ විරෝධතාව පවත්වන්නේ. මෙම ඉඩම වෙනත් කටයුතු සඳහා යොදා නොගෙන ජයබිම ජනතා අවශ්‍යතාවන් සදහා ස්ථිර වශයෙන් වෙන් කර දෙන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා'' යයිද සීලවංශ හිමියෝ සඳහන් කළහ.
මෙම නිහඬ විරෝධතාව පැයක පමණ කාලයක් පැවැත්විණි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ඉඩමක් බලෙන් පවරාගැනීමකට එරෙහිව නිහඬ විරෝධතාවක්