IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඉංගිරිය යතුරුපැදි අනතුර සිදුකර පලාගිය කොස්තාපල් අත්අඩංගුවට

 

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ නිමාලි කහවල)

 

ඉංගිරිය රයිගම් වත්තේදී යතුරුපැදියකින් යමින් සිටි පුද්ගලයින් දෙදෙනකු අනතුරට ලක්කර යතුරුපැදියෙන් පලා ගිය පොලිස් කොස්තාපල්වරයකු අද (16) අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ ඉංගිරිය පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ කොස්තාපල්වරයෙකි.

ඊයේ (15) පැමිණිලි විභාග සඳහා රයිගම්වත්ත ප්‍රදේශයට ගොස් සිටි කොස්තාපල්වරයා යතුරුපැදියෙන් පොලිස් ස්ථානය වෙත පැමිණෙමින් සිටියදී රයිගම් වත්ත ප්‍රදේශයේ දී යතුරුපැදියකින් යමින් සිටි පුද්ගලයින් දෙදෙනකු හප්පා පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.

තුවාල ලද එම පුද්ගලයන් යතුරුපැදියේ අංකය සටහන් කරගෙන තිබූ අතර පසුව හොරණ මූලික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් වී තිබිණි.

අදාළ අනතුර සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසියට තුවාල ලැබූවන්ගේ ඥාතීන් පැමිණිලි කර තිබූ බව පොලිසිය පවසයි.



අදහස් (1)

ඉංගිරිය යතුරුපැදි අනතුර සිදුකර පලාගිය කොස්තාපල් අත්අඩංගුවට

Jayampathi Tuesday, 16 October 2018 07:31 AM

වැරද්දක් කරලා ඒ බව දැන දැනම පලාගිය මේ පොලිස් නිලධාරියට එරෙහි විමර්ශන කටයුතුද වෛද්‍යවරියට එරෙහිව කරන විමර්ශනය පරිද්දෙන්ම සිදුවේවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site