IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


'ඇසුරුම් කරන්න දුන් කිරි පැකට් ලක්ෂ ගණනක් ලොරිවල'

(කාංචන කුමාර ආරියදාස)
 
පසුගිය ආණ්ඩු  සමයේ මිල්කෝ සමාගමේ කිරි පැකට් ඇසුරුම් කිරීම සදහා  පෞද්ගලික අංශයට ලබා දී තිබු පැකට් එක්ලක්ෂ තුන්දහසක් ප්‍රමාණයක්  අඹේවෙල මිල්කෝ ආයතනයේ   ලොරි 11ක ගබඩා කර තිබෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අද(11) පැවැසීය.
 
එම ලොරි රථවලින් එකක ඇසුරුම් කළ කිරි පිටි පැකට් කල්ඉකුත් වී ඇති බවත්, සෙසු පැකට්ටු පෙබරවාරි මාසයේදී කල් ඉකුත් වීමට නියමිත බවත්, එහිදී හෙළිදරව් කෙරිණි.
 
 
සමස්ත ලංකා ගොවිජන සම්මේලනය කිරි ගොවීන්ගේ ජාතික සම්මේලනය  මෙම මාධ්‍ය හමුව දඹුල්ලේ කැඳවා තිබිණි. කිරි ගොවීන් සුරැකීමේ ජාතික සංවිධානය ජාතික සංවිධායක සුසන්ත කුමාර නවරත්න, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න යන මහත්වරු සහ කිරි ගොවි සංවිධානවල  කීපදෙනෙක් එක්ව සිටියහ.
 
 
මිල්කෝ සමාගමේ සිදුව ඇති විශාල මූල්‍ය  අක්‍රමිකතාවයන් සහ මේ වන විට විශාල කිරි ප්‍රමාණයක් විනාශ වීමේ සිද්ධිය අනාවරණය කරන බව නාමල් කරුණාරත්න මහතා සදහන් කළේය.
 
 
ඔහු කියා සිටියේ පසුගිය පාලන සමයේ   1%2ක පෞද්ගලික කොමිස් මුදලක් ලබාගැනීම සඳහා මිල්කෝ සමාගමට අයත් කිරි පෞද්ගලික ආයතනයකට ඇසුරුම් කර ගැනීම සඳහා ලබාදී තිබෙන බවය.
 
 
පෞද්ගලික ආයතනය මගින්  වීශාල වශයෙන් ඇසුරුම් කිරීම ප්‍රමාද කොටගෙන පසුගිය දිනවල කිරි ලොරි 11ක මෙයාකාරයෙන් ඇසුරුම් කළ කිරි පැකට් එක්ලක්ෂ තුන්දහසක් පවතින බවත් ඒවා අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක පවතින බවය .
 
එම පාලකයන් මේ වනවිට අඹේවෙල මිල්කො සමාගමේ නිලධාරින්ට මෙම ඇසුරුම් කළ කිරි නැවත පිටිකිරි බවට පත්කරන ලෙස වාචිකව දැනුම් දෙමින් තර්ජනය කරමින් සිටින බවත් එහෙත් සේවකයන් ඒ පිළිබඳව ලිඛිතව ලබා දෙන්නැයි ඔවුන්ට දැනුම් දෙමින් පවතින බවද හෙළිදරව් කළේය.     ගොවීන්ගෙන් ලබාගත් කිරි තොග විනාශ වීමේ තර්ජනය පිළිබඳව රජයේ කඩිනම් අවධානය යොමු කරන්නැයි ද නාමල් කරුණාරත්න මහතා ඉල්ලීමක් කළේය.
 
මෙම කිරිවලින් විවිධ ආහාර නිෂ්පාදනය කිරීමට හැකියාව තිබියදී කොමිස් මුදල ලබාගැනීම සඳහා මෙම කිරි පෞද්ගලික ආයතනයකට ලබා දී ඇති බවට සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි බවයි හෙතෙම සඳහන් කළේය.
 
 
එමෙන්ම මිල්කෝ සමාගමට කිරි දෙන ගොවීන් එය විශාල වශයෙන් නවතා දමා තිබෙන බවත් සඳහන් කළේය. පසුගිය ආණ්ඩුව යටතේ සිදු වූ මෙම මහා පරිමාණ කිරි වංචාව පිළිබඳව මේ ආණ්ඩුවේ සොයාබැලීම වගකීමක් බවද සඳහන් කළේය.



අදහස් (1)

'ඇසුරුම් කරන්න දුන් කිරි පැකට් ලක්ෂ ගණනක් ලොරිවල'

Damika Sunday, 12 January 2020 05:52 AM

මොන මිනිස්සුද මේ ? ළමයින්ට උදේට බිලා යන්න හොද කිරි එකක් දෙන්න විදියක් නැතුව අපි දුක් වෙනවා. මේ අය කොමිස් වලට මසුරන් වටිනා කිරි ටික විනාශ කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31899 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14361 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11194 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 253 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1198 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 344 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site