IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඇල්ල රොක් රක්ෂිතයේ ගින්නක්

(ඩී.කේ.රත්න)
 
ඇල්ල රාවණාඇල්ල අභයභූමියට ඉහලින් පිහිටි  ඇල්ල රොක් රක්ෂිතයේ අද (30) හවස ඇතිවූ හදිසි ගින්නකින් මේ වන විට එම රක්ෂිතයේ අක්කර දහයක පමණ භූමි ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශවී ඇතැයි ඇල්ල පොලීසිය පවසයි.

 
දේශීය විදේශීය සංචාරකයින් මෙම ඇල්ල රොක් ප‍්‍රදේශයේ බහුලව සංචාරයේ යෙදෙන අතර මෙම ගින්න නිසා දැඩි අවදානම් තත්වයක්ද මතු වී තිබේ.
 
ඇල්ල පොලීසිය , දියතලාව යුද හමුදා කඳවුරේ නිළධාරීන් හා ප‍්‍රදේශවාසීන් එක්ව මෙම ගින්න නිවා දැමීමට උත්සහ කළද ප‍්‍රදේශයට පවතින දැඩි විලළි කාලගුණික තත්වය හා දැඩි සුළං තත්වය හේතුවෙන් ද මෙම ගින්න ප‍්‍රදේශයේ දැඩි බෑවුම් ප‍්‍රදේශයක පැවතීම හේතුවෙන් ද ගින්න නිවා දැමීමට අපහසුවී තිබෙන අතර මේ වන විටත් ගින්න පැතීරී යමින් ඇතැයි පොලීසිය කියයි.
 
කිසියම් පුද්ගලයකු විසින් වන සතුන් දඩයම් කිරීමට හෝ විනෝදය සදහා මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතයි පොලීසිය කියයි.



අදහස් (0)

ඇල්ල රොක් රක්ෂිතයේ ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site