IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඇල්ල ප්‍රා සභාපති අත්අඩංගුවට ගන්නැයි විරෝධතා

( ප්‍රසන්න පත්මසිරි)
 
ඇල්ල සංචාරක තොරතුරු මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිළධාරීයාගේ කනට පහරදී එහි තිබු ලී භාණ්ඩ තොගයක් පැහැරගැනීම සම්බන්දව චෝදනා ලබා සිටින ඇල්ල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගන්නැයි කියමින්ඌව පළාතේ පළාත් සභාවේ හා රජයේ ආයතන වල  නිලධාරීහු  අද ( 06) වර්ජනයක් ඇරැඹුහ.
 
 
සංවර්ධන නිළධාරීන්,කළමණාකරන සහකාර නිළධාරීන්,ඇතුළු  නියලුම නිළතල වල සිටින නිළධාරීන් පළාත් සභාව ඉදිරිපිටදී දවල් කෑම පැයේදී  මෙම උද්ඝෝෂණය කළහ.
 
 ඇල්ල සභාපතිවරයාගෙන් පහරකෑමට ලක්වු ඇල්ල සංචාරක තොරතුරු මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිළධාරී ඉංදික සෙනවිරත්න යන අයගේ කර්ණපඨලයට බරපතල හානි සිදුවීම නිසා ඔහු බදුල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව කියයි.
 
නිලධාරීයාගේ කනට පහරදුන් බව කියන සභාපතිවරයා දින හතරක් යන තෙක් අත් අඩංගුවට ගෙන නැතැයි  උද්ඝෝෂකයෝ  ඇල්ල පොලීසියටද චෝදනා නගති.



අදහස් (0)

ඇල්ල ප්‍රා සභාපති අත්අඩංගුවට ගන්නැයි විරෝධතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site