IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඇල්පිටිය ප්‍රා.සබේ ඡන්ද විමසීමේ නඩු තීන්දුව දෙන්නැයි අගවිනිසුරුට පෙත්සමක්

(චන්ද්‍රසිරි  ගුණසේකර)
 
දිනෙන් දින ප්‍රමාද වන ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ ජන්ද විමසීමේ නඩු තීන්දුව කඩිනමින් ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා අගවිනිසුරු වෙත යොමු කිරීම සඳහා ජනතා පෙත්සමක් අත්සන් කිරීම අද (30) ඇල්පිටිය නගරයේ දි සිදුකෙරිණි. 

ප්‍රාදේශීය සභා අපේක්ෂකයන් කිහිපදෙනෙකු විසින් මෙය සංවිධානය කර තිබිණි. පළාත් පාලන ජන්ද විමසීම සඳහා නාමයෝජනා බාරදීමේ දී එක් කණ්ඩායමක ලැයිස්තුවක් ප්‍රතික්ෂේප වී තිබේ. 

පසුව එම කණ්ඩායම විසින් තමන්ට අසධාරණයක් වූ බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත. 

එම නඩුව තවමත් විභාග වන අතර මෙතෙක් එහි තීන්දුව ප්‍රකාශයට පත්කර නැත. මේ නිසා ඇල්පිටිය ප්‍රාදේශීය සභාව කලක සිට පවතින්නේ කොමසාරිස් පාලනය යටතේය. 

ඒ අනුව දැනට සිටින ලේකම්වරිය විසින් එම පාලනය කරගෙන ගියත් ජනතා ප්‍රශ්න විසදීම සඳහා ඇය අසමත් වී තිබේ. 

එම නිසා ඉක්මණින් එම නඩු තීන්දුව ප්‍රකාශයට පත්කර ජනතා  අභිලාශයන් ඉටු කරදෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.



අදහස් (0)

ඇල්පිටිය ප්‍රා.සබේ ඡන්ද විමසීමේ නඩු තීන්දුව දෙන්නැයි අගවිනිසුරුට පෙත්සමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site