(තිලකරත්න දිසානායක)
අමෙරිකාවේ,මිනසෝටා ප්‍රාන්තයෙහි සහකාර නීතිපති ධුරයට පත් ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ ආදි ශිෂ්‍යා නිලූෂි රණවීර මහත්මිය පිළිගැනීමේ උත්සවයක් අද (27) එම විදුහලේ දී පැවැත්විණි.
මෙවන් ධූරයකට පත්වීමෙන් මෙරටට අත්කර දුන් ගෞරවය සහ කීර්තිය වෙනුවෙන්, සිරිකුරුස විද්‍යාලයේ විදුහල්පතිනී දර්ශිකා කන්‍යා සොයුරියගේ මඟපෙන්වීම යටතේ මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
නිලූෂි රණවීර මහත්මිය, සිරිකුරුස විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළත්ව උපාධිය ලබා 2006 වසරේ දී මිනසෝටා ප්‍රාන්තයේ හැම්ලීන් විශ්ව විද්‍යාලයට ඇතුළත්ව නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් , පසුව මිචෙල් හැම්ලීන් නීති විද්‍යාලයෙන් 2016 වසරේ දී නීතිවේදී පශ්චාත් උපාධියත් හිමිකරගෙන ඇත.
පසුව එහි රජයේ විනිසුරුවරියක් යටතේ අපරාධ නීතිය වැඩිදුරටත් හදාරා ඇති නිලූෂි රණවීර මහත්මිය , පසුගිය වසරේදී මිනසෝටා ප්‍රාන්තයේ සහකාර නීතිපති ධුරයට පත් කර තිබේ.
සිරිකුරුස විදුහලෙහි පැවති මෙම පිළිගැනීමේ උත්සවයට නිලූෂී මහත්මියගේ පියා සරත් රණවීර මහතා සහ මව ඉන්ද්‍රානි රණවීර මහත්මිය ද ආදි ශිෂ්‍යාවන් සහ ගුරු මහත්මීන්ද සහභාගී වී සිටියහ.



2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඇමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ සහකාර නීතිපති ධූරයට පත්වූ නිලූෂී පිළිගනී
sharm warn Thursday, 30 January 2020 08:49 AM
උණුසුම් සුභ පැතුම් දුව !