IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඇමැති වැඩ බාර නොගැනීමෙන් ආර්ථික මධ්‍යස්ථාන සේවා අඩපණ වෙයි

(කාංචන කුමාර ආරියදාස)

පසුගියදා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් ග්‍රාමීය ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ   අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ වැඩ බාර නොගැනීමෙන් දිවයින පුරා ක්‍රියාත්මක වන ආර්ථික මධ්‍යස්ථානවල සේවා සියල්ල අඩපණ වී නිලධාරීන් සහ වෙළෙන්දන් අතර අර්බුදකාරී තත්වයක් මතුව ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය චෝදනා කරති.

ආර්ථික මධ්‍යස්ථාන පාලනය වන කළමනාකරණ බාර රැස්වීම් මාසිකව පැවැත්විය යුතු වුවද මේ වන විට මාස ගණනාවකින් ඒවාද නොපැවැත්වීම නිසා කළමනාකරණ බාර සේවකයන් සහ වෙළෙන්දන් අතර මේ දිනවල දැඩි ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවී ඇතැයි වෙළෙඳ සංගමයේ සභාපති යු. බී. ඒකනායක මහතා පැවසීය.

මේ දිනවල ආර්ථික මධ්‍යස්ථාන පරිපාලනය සහ වෙළෙන්දන් අතර ඇතිවන ගැටුම්කාරී තත්වය නිරන්තරයෙන් දැක ගැනීමට හැකි වූ අතර අද (3) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගිය අවස්ථාවේදී ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ නියෝජිතයන් සහ කළමනාකරණ බාරයේ කළමනාකරු අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොස් අප ආර්ථික මධ්‍යස්ථාන බාරව ඇමැතිවරයා කවුරුන්ද යන්න වෙළෙන්දන්ගෙන් සහ එහි රැඳී සිටි ව්‍යාපාරිකයන්ගෙන් විමසීමේදී බොහෝ දෙනෙකු පැවසුවේ ඇමැතිවරයා  කවුරුන්ද  නොදන්නා බවත් ඇතැම් අය කියා සිටියේ පි .හැරිසන් ඇමැතිවරයා බවයි. එක් අයකු පමණක් කියා සිටියේ  රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇමැති  බවයි.

කෙසේ වෙතත් පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පී. හැරිසන් ඇමැතිවරයා සතුව පවතී   ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරය  ඉවත් කර  රංජිත් මද්දුම බණ්ඩාර මහතාට ලබාදී  දිවුරුම් දුන්නේය.

එහෙත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය චෝදනා කර සිටියේ මේ වන තුරුත් ඇමැතිවරයා දිවුරුම් දුන්නට වැඩ බාර නොගැනීම හේතුවෙන් රටේම ආර්ථික මධ්‍යස්ථානවල අර්බුද මතුවී තිබෙන බවත් තවත් දින කීපයක් මේ පිළිබඳව පියවරක් නොගන්නේ නම් වහාම සියලුම ආර්ථික මධ්‍යස්ථාන ඒකාබද්ධ වී රටේ විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවයි.

එමෙන්ම අර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයින් කියා සිටියේ මේ වන විට ආර්ථික මධ්‍යස්ථාන බාරව 2015 වසරේ සිට ඇමැතිවරුන් පස් දෙනෙකු මරු වී තිබේ. මෙය ද බරපතල හානියක් බව ඔවුහු පෙන්වා දෙති .

ආර්ථික මධ්‍යස්ථානවල පරිපාලන කටයුතු ක්‍රියාත්මක වනු ලබන්නේ කළමනාකරණ  බාරයකින්  බවත්  එහි  සේවකයන්  සාමාජිකයින් පවා දේශපාලන අවශ්‍යතා මත වෙනස් කිරීම හේතුවෙන් ටෙන්ඩර් පත් පමණක් ලබා ගැනීමට ඔවුන් ඉදිරිපත් වන බවද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යු. බී. ඒකනායක මහතා චෝදනා කළේය.

මෙතෙක් ආර්ථික මධ්‍යස්ථාන බාරව කටයුතු කරන ග්‍රාමීය ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් අප මේ පිළිබඳව දුරකථනයෙන් විමසීමක් කළෙමු.

ඒ මහතා කියා සිටියේ තමන් ආර්ථික  සංවර්ධන කටයුතු අමාත්‍යංශය ලෙස දිවුරුම් දුන්නද වැඩ බාර නොගත් බවයි. ඉදිරියේදිත් තමා වැඩ බාරගැනීම ප්‍රතික්ෂේප කරන බවද   ග්‍රාමීය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ විෂයපථ රැසක් ආයතන රැසක් පැවතුණ ද තමා වෙත ආර්ථික මධ්‍යස්ථාන පමණක් ලබාදීම නිසා එය ප්‍රතික්ෂේප කරන බවද සඳහන් කළේය.



අදහස් (0)

ඇමැති වැඩ බාර නොගැනීමෙන් ආර්ථික මධ්‍යස්ථාන සේවා අඩපණ වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site