IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඇමතිවරු එන්න කළින් තක්සේරු කාර්යාලය විවෘත කරලා

(ඩී.ජී.සුගතපාල)

ගාල්ල චීන කොරටුව මැද පාරේ පිහිටුවන ලද දකුණු පළාත් තක්සේරු කාර්යාලය මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන්  අද (30) සවස විවෘත කිරීමට සැළසුම්කර තිබුණත් එයට පෙර තක්සේරු දෙපාර්තමේන්තුවේ නිලධාරින් පැමිණ එය විවෘතකර ඒ පිළිබඳව මැතිවරණ පැමිණිලි මෙහෙයුම් මධ්‍යස්ථානයටද පැමිණිලි කිරීම නිසා උත්සවයට පැමිණි පිරිස දැඩි අපහසුතාවයකට පත්වූහ.

එම ස්ථානයේ ජනාධිපතිවරයාගේ , මංගල සමරවිර ,වජිර අබේවර්ධන , ගයන්ත කරුණාතිලක සහ විජේපාල හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගේ සහ මේ සඳහා අනුග්‍රහය දක්වන ලද මුහුදු බඩ දුම්රිය මර්ග සමිතියේ සභාපති ගුණපාල විතාරණ මහතාගේද ඡායාරූප සහිත බැනරයක් එල්ලා තිබුණි.

එසේ බැනරයක් එල්ලීම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බව පවසා ගාල්ල පොලිසියේ මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානයට තක්සේරු නිලධාරින් පිරිසක් පැමිණිල්ලක් කළහ.

ඒ අනුව  ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කාර්යාලයේ නිලධාරින් සමඟ පැමිණි පොලිසිය එම බැනරය ගලවාගෙන ගිය අතර එය නඩු භාණ්ඩයක් ලෙස තබා ගන්නා බව ද පැවසීය.

මේ අතර  විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයා ඇතුලු පිරිස එම ස්ථානයට පැමිණෙන විට ප්‍රධාන තක්සේරුකරු පැමිණ එය විවෘත කර ඇති බවත්  එහි එල්ලා තිබූ බැනරයද පොලිසිය විසින් ගලවාගෙන ගොස් තිබූ බවත් දැන ගැනීමෙන් පසු ආපසු ගියේය. 



අදහස් (7)

ඇමතිවරු එන්න කළින් තක්සේරු කාර්යාලය විවෘත කරලා

Raveendra Monday, 30 September 2019 02:27 PM

ඇත්තෙන්ම විය යුත්තේ එය තමයි. අප අගය කරනවා මේ වගේ නියම නිළධාරින් පිරිසක් අපේ මව්බිමේ සිටීම පිළිබදව. මහජන බදු මුදල් වලින් ගොඩනගන මහජන දේපොළ විවෘත කිරීමට එක එක දේශපාලුවන් මොකටද? මොකද මේ එකකටවත් ඔය කියන නිවට දේශපාලුවන්ගේ පුද්ගලික මුදල් වියදම් කර නැති නිසා. අප මෙයද ප්‍රසිද්ධියේ කීමට කැමැත්තෙමු. හැලිවදුරන් 225 ම විවෘත කිරීම් වලට පැනගෙන එන්නේ ඒ අයගේ නම්ගම් ලියා ගැනීමට පමණි. නැවත වරක් අප සුබ පතනවා මෙවන් කොන්ද පන තිබෙන නිලධාරීන් පිරිසක් මේ කරන ලද ක්‍රියාව පිළිබදව.

:       0       0

Sanath Kandy Monday, 30 September 2019 03:26 PM

මැතිවරණ කාලේ විතරක් නෙවෙයි හැමදාටම මහජන මුදල් වලින් ගොඩනගන කිසි දෙයක් දේශපාලනඥයින්ට විවෘත කරන්න ඉඩ නොදිය යුතුයි. එයාලා ලෝකෙට ණය වෙලා ක්‍රිකට් ගහන්නේ නැති ක්‍රිකට් ක්‍රීඩාංගන, ගුවන්යානා එන්නැති ගුවන්තොටුපොළ හදලා උත්සව තියලා විවෘත කරනවා. අපි කඹුර කඹුරා ණය ගෙවනවා.

:       0       0

raheem Monday, 30 September 2019 05:12 PM

අන්න නියම ක්‍රමය. හැම දෙයක්ම විවෘත්ත කරන්න ලොක්කොම ඕනද?

:       0       0

maheshika Monday, 30 September 2019 08:06 PM

විය යුතු දේ වෙමින් පවතී.

:       0       0

බී.සංජය Tuesday, 01 October 2019 01:32 AM

ඉරමුදුන් වෙනතුරු නිදාගන්නා දේශපාළුවන් යම් දෙයකට යන්නේ ඉතාම ප්‍රමාද වෙලා. වර්තමානයේ නිවැරදිව ක්ෂණිකව සේවාලාභීන්ට සේවය කරන සේවකයින්ට කා දැමීමට කාලයක් නැති නිසා ඉකිමනින් වැඩ ආරම්භ කරන්න ඇතිනේ. මේ කට්ටියේ අයගේ තක්සේරු කිරීම් ගැන සතා සීපාවන් පවා දන්නවා

:       0       0

viraj Tuesday, 01 October 2019 03:49 AM

අන්න හොද වැඩ. මේ දේශපාලුවන්ට තැනක් දෙන්නේ නැතුව ඔහොම කරපු එක නම් නියමයි. ආචාරය ඒ දේ කරපු මහත්වරුන්ට.

:       0       0

sachith Tuesday, 01 October 2019 04:12 AM

මේක තමයි වෙන්න ඕනි, මොකද මේවා හදන්නේ මැති ඇමතිලගේ පුද්ගලික බුදලෙකින් නෙවෙයිනේ. එහෙම උනානම් නම් ගම දැම්මට කමක් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 109 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 915 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 626 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site