( තිලකරත්න දිසානායක)
කොරෝනා වයිරසය පැතිරීම වළකාලීමට රජය මගින් දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති බැවින් ගම්පහ නගරය පුරා දැඩි පාලු ස්වභාවයකට පත්ව ඇති ආකාරය අද (21) දහවල් නිරීක්ෂණය විය.
ජනතාව ඇදිරිනිතියට අවනත වෙමින් නිවෙස් වලට වී කාලය ගත කළද ඊයේ රාත්‍රියේ ඇදිරි නීතිය කඩකරමින් මහ මග ගමන්ගත් 25 දෙනෙකු සහ මෝටර් රථයක් ගම්පහ පොලිස් කොට්ඨාසයට අයත් පොලිස්ථාන 14 මගින් අත් අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතා පැවසීය.
මේ අතර ගම්පහ පොලිස් කොට්ඨාසයට අයත් බල ප්‍රදේශය තුල විදේශ ගතව සිට මාර්තු 1 දායින් පසුව මෙරටට පැමිණි 482 දෙනෙකු ලියා පදිංචිවී ඇති බව පැවසූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, සැක සහිත රෝගීන් 22 ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවත් රෝගය වැළඳී ඇති ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට පැමිණ ඇති උඩුගම්පොළ සහ අස්ගිරිය යන ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු අංගොඩ උණ රෝහලට ඇතුලත් කර ඇති බවත් පැවසීය.
ඇදිරි නීතිය කඩකරමින් මහ මග ගමන් ගන්නා පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමට මාර්ගබාධක සහ ජංගම මුර සංචාර සිදු කෙරෙන බවද කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.
මේ අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.තිලකරත්න මහතාගේ අධීක්ෂණය යටතේ ගම්පහ නගරය ආශ්‍රිතව මහජනතාව ගැවසෙන ප්‍රධාන ස්ථානයන් විෂබීජහරණයට විශේෂ පොලිස් කණ්ඩායමක්ද යෙදීමට පියවර ගෙන ඇත.
2025 නොවැම්බර් මස 04
832
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2474
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1779
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇඳිරි නීතියෙන් ගම්පහ පාලුවට යයි