IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


ඇඳිරිය මැද දැදුරු ඔයේ නාන්න ගිය අයෙක් අතුරුදන්

ඔගස්ටින් ප්‍රනාන්දු

ඇදිරි නීතිය ක්‍රියාත්මකව පැවතියදි හලාවත දැදුරු ඔයේ දිය නෑමට ගිය තරුණයකු දැදුරු ඔයේ ගිලි අද ( 25 ) පස්වරු අතුරුදන්ව ඇති බව හලාවත පොලිසිය කියයි.

මෙසේ අතුරුදන්ව ඇත්තේ බංගදෙණිය පල්ලම පාරේ වීරකුමන් දළු ප්‍රදේශයේ විසු නිමල් පොන්සේකා නමැති 21 වන වියේ පසු වන තරුණයෙකි.

අතුරුදන් තරුණයා අද ( 25 ) පස්වරු ඇදිරි නීතිය ක්‍රියාත්මකව , පැවැතිය දි තම මිතුරන් තිදෙනෙකු සමග දැදුරු ඔයේ මහ පාලම අසල දිය නෑමට ගිය බවත් ඒ අතරතුර මොහු ඔයේ ගිලි අතුරුදන්වු බවට පොලිසියට දන්වා ඇති බවත් කියයි.

පසුව පොලිසියද පැමිණ අතුරුදන් තරුණයා සෙවීමේ කාර්යයේ නිරතව ඇතත් කිසිදු තොරතුරක් නොලද බවත් මෙම පිරිස මත්පැන් පානය කරමින් සිටි බවට තොරතුරු ලද බවත් පොලිසිය කියයි.

අතුරුදන් තරුණයා සොයා ගැනීම පිනිස ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් කණ්ඩායම කැදවා ඇති බවත් පොලිසිය කියයි.

හලාවත පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
 



අදහස් (1)

ඇඳිරිය මැද දැදුරු ඔයේ නාන්න ගිය අයෙක් අතුරුදන්

lalithm Sunday, 26 April 2020 03:07 AM

ව්‍යසනයක් වෙලාවේ කියන දේ අහන්නේ නැති අය ගැන වැඩිය වද වෙන්න ඕනේ නැහැ. ඔය එක්ක ගිය අනික් අයවත් මිනී මැරීමට උදව් කළා කියලා සහ පොලිසියේ කාලය නාස්ති කිරීමෙන් ජාතික ධනය විනාශ කරනවට හිරේ දමන්න ඕනේ. නීතිගරුක ජනයාට කරන අපහාස වලට මේ මිනිස්සු වන්දි ගෙවන්න ඕනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 799 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2450 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site