(ඔගස්ටින් ප්‍රනාන්දු)
වයඹ පළාත තුළ ක්‍රියාත්මකව පැවැති ඇදිරිනීතිය අද (15) අලුයම ඉවත් කරනු ලැබු පසු සාමාන්‍ය ජන ජිවිතය සුපුරුදු අයුරින් යථා තත්ත්වයට පත්ව තිබු බව හලාවත ප්‍රදේශය පුරා සිදු කළ සංචාරයකින් පසු දැකගත හැකිවිය.
සියලු සිසුන් සඳහා අධ්‍යාපන කටයුතු ලබාදීමට රජයේ හා පෞද්ගලික පාසල් විවෘත කර තිබු නමුත් සෑම පාසලකටම දරුවන්ගේ පැමිණීම අඩු මට්ටමක පැවති බව අධ්‍යාපන බලධරයෝ පැවසුහ.
සෑම පාසලක් අසලම යුද හමුදාව හා පොලිසිය සිටිනු දක්නට හැකිවිය. ධීවර කර්මාන්තයේ යෙදී සිටි ධීවරයින්ට සාර්ථක මත්ස්‍ය අස්වැන්නක් ලබා ගත හැකිව තිබු නමුත් මාළු මිල පහත බැස තිබිණි.
හලාවත නගරය හා අවට ප්‍රදේශවල ආයුධ සන්නද්ධව යුද නාවික පොලිස් මුර සේවාවක් ක්‍රියාත්මකව කර තිබේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ඇඳිරියෙන් පසු හලාවත යළි යථා තත්ත්වයට