(හාලිඇල- විජේරත්න රත්නායක )
ඊයේ (26) රාත්‍රියේ ඇල්ල දෙමෝදර මංසන්ධියේ ලැගුම්හලක නවාතැන් ගෙන සිටි එරාවුර් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන තරුණයින් දෙදෙනෙකු ඇල්ල පොලීසිය විසින් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ඉදිරි මැයි මස 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා අද (27) නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ එරාවුර් නගරයේ පදිංචිකරුවන් බව කියන වයස අවුරුදු 35 ක් හා අවුරුදු 36 ක් වන මුස්ලිම් ජාතික තරුණයින් දෙදෙනෙකු වන අතර ඔවුන් යුද හමුදා සේවයෙන් පලාගිය දෙදෙනෙක් බවද හෙළිවී ඇත.
ඇල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් දෙමෝදර මංසන්ධියට යතුරුපැදියකින් පැමිණ ඇති මොවුන් රාත්‍රී 10.00 සිට ඇඳිරිනීතිය බලපැවැත්වෙන බැවින් රාත්‍රියේ ගමන් කළ නොහැකි බව පවසා අදාළ ලැගුම්හලේ නවාතැන් ගෙන ඇති අතර ඔවුන් පිළිබඳව පොලීසියට ලැබුණු තොරතුරක් මත පොලීසිය මඟින් එම දෙදෙනා සැකපිට අත් අඩංගුවට ගෙන තිබේ. ඇල්ල පොලීසිය ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ඇඳිරිනීතිය වෙලේ නවාතැන් ගත් දෙදෙනා අත්අඩංගුවට