(තරිඳු ජයවර්ධන)
ගම්පහ කොට්ඨාසයට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබූ බදාදා (15) රාත්‍රී පොලිස් ස්ථාන දෙකකින් ඇඳිරිනීතිය අවස්ථාවේ ගමන් කළ හැකි බලපත්‍ර ලබා නොදීම නිසා රාජකාරීවලට ගොස් එමින් සිටි පිරිස් දැඩි අපහසුතාවට ලක්වූහ.
කොළඹ - මහනුවර පාරේ ගමන් කරද්දී ඇඳිරිනීතිය නැති ප්‍රදේශයක ඇති අවසන් පොලිසිය වන කඩවත පොලිසියට ඇඳිරිනීතිය අවස්ථාවේ ගමන්කළ හැකි බලපත් ලබා ගැනීමට යද්දී ප්‍රධාන දොරටුවේ සිටි ග්‍රාමාරක්ෂකයා කඩවත පොලිසියෙන් ඇඳිරිනීතිය බලපත් ලබා නොදෙන බව කියමින් බලපත් ගැනීමට යන පිරිස් ආපසු හරවා යැවීය.
ඔහු සමඟ සාකච්ඡා කර පොලිසියට ගිය අවස්ථාවේ පොලිසිය ඇතුළේ සිටි පොලිස් පරීක්ෂකවරයෙක් ද කඩවත පොලිසියෙන් ඇඳිරිනීතිය බලපත් ලබා නොදෙන බවත්, ඇඳිරිනීතිය තිබෙන පොලිස් බල ප්‍රදේශයක පොලිසියකින් ලබා ගත හැකි බවත් ප්‍රකාශ කළේය.
කොළඹ - මහනුවර පාරේ යද්දි ඇඳිරිනීතිය දමා තිබූ ප්‍රදේශයක හමුවන පළමු පොලිසිය වන යක්කල පොලිසියට ඇඳිරිනීතිය බලපත් ගැනීමට ගිය අවස්ථාවේ පොලිසිය ඉදිරිපිට සිටි කොස්තාපල්වරුන් දෙදෙනෙක් බලපත් අවශ්‍ය නොවන බව කියමින් බලපත් ගැනීමට එන පිරිස් පිටත් කළහ. ඔවුන් සමඟ සාකච්ඡා කර පොලිසිය තුළට ගොස් කාර්ය භාර නිලධාරීන් හමුවූ අවස්ථාවේ ඔවුන් ද ඇඳිරිනීතිය බලපත් නිකුත් නොකළ අතර අවශ්‍යතාවක් වුවහොත් ඇමතුමක් ලබා දෙන්නැයි කියමින් දුරකතන අංකයක් ලබා දී තිබිණි.
කෙසේ වෙතත් යුද හමුදාවෙන් වාහන නතර කිරීමෙන් පසු ඇඳිරිනීතිය බලපත් නැති නිසා ඉදිරියට යාමට ඉඩ දිය නොහැකි බව ප්‍රකාශ කළේය. මේ නිසා රාජකාරිවලට ගොස් යළි එමින් සිටි පිරිස් දැඩි අපහසුතාවට පත්වූහ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඇඳිරිනීතිය බලපත් ඉල්ලන පුද්ගලයන්ගේ අවශ්‍යතාවය සාධාරණදැයි පරීක්ෂා කර බලා බලපත් නිකුත් කළ යුතු බවයි.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඇඳිරිනීතිය බලපත් නැතිව රැකියාවලට ගොස් එන පිරිස් දැඩි අපහසුතාවට